ජාතික ආරක්ෂක විද්‍යාල පර්යේෂණ සම්මන්ත්‍රණය 2023
3:45pm on Wednesday 8th November 2023
ජාතික ආරක්ෂක විද්‍යාලය පර්යේෂණ සම්මන්ත්‍රණය 2023 නොවැම්බර් 02 වන දින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී “ගතික පරිසරයක ආරක්‍ෂක අභියෝග උපායමාර්ගික කිරීම” යන තේමාව යටතේ පැවැත්විණි.

ආරක්ෂක පර්යේෂණ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සහ ජාතික ආරක්ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනයන් සම්බන්ධ පර්යේෂණ අදහස් ගවේෂණය කිරීමට පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කරන ලදි.

උපාය මාර්ගික අධ්‍යයනය, ශ්‍රී ලංකා අධ්‍යයනය, ජාත්‍යන්තර ආරක්ෂාව, ආර්ථික ආරක්ෂාව, භූ දේශපාලනය, විද්‍යාව සහ තාක්‍ෂණය යන ක්ෂේත්‍රවලට අදාළ පුළුල් පරාසයක මාතෘකා ඔස්සේ පාඨමාලා සහභාගිවන්නන්ගෙන් දායකත්වයන් වැඩසටහන පවත්වන ලද අතර. ප්‍රශ්නෝත්තර සැසියේදී සිදු කරනු ලබූ ඉදිරිපත් කිරීම්, ඵලදායි මණ්ඩල සාකච්ඡා බොහෝ පැතිවලින් ප්‍රේක්ෂකයන්ට ප්‍රයෝජනවත් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී වූ අතර ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් පවත්වන ලදී. මෙම අවස්ථාවට මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න, අධ්‍යක්ෂ ජනරාල් පුහුණු, එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි