ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
3:59pm on Wednesday 8th November 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණයේ  නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 නොවැම්බර් 06 වන දින බලඝණ පරිශ්‍රයේදී සිදු කරනු ලැබූ අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්ඒආර්ටී මුණසිංහ නිළධාරිතුමන් විසින් වින්ග් කමාන්ඩර් ඩියුඊ ද සිල්වා නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්ඒආර්ටී මුණසිංහ නිළධාරිතුමන් 2023 ජනවාරි 10 වන දින අංක 06 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී තනතුර භාරගත් අතර  නව අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් ඩියුඊ ද සිල්වා නිළධාරීතුමන් මීට පෙර අංක 61 ඛන්ඩයේ අණදෙන නිලධාරියා ලෙස සේවය කරන ලදී. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි