අන්තර් ඒකක පැසිපන්දු ශූරතාව 2023
4:04pm on Wednesday 8th November 2023
අන්තර් ඒකක පැසිපන්දු ශූරතාවලිය - 2023 තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී 2023 ඔක්තෝම්බර් 30 වන දින සිට 2023 නොවැම්බර් 06 වන දින දක්වා පැවැත්විණි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අවසන් මහා තරගයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගී විය.

සමස්ත කාන්තා ශූරතාව ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය විසින් දිනා ගන්නා ලද අතර රත්මලාන ගුවන් හමුදා කඳවුර අනුශූරතාව හිමිකර ගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ තාක්ෂණික අංශය විසින් පිරිමි අංශයේ ශූරතාව දිනා ගන්නා ලද අතර ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර අනුශූරතාව හිහිකරගනිමින් තරඟාවලිය අවසන් කරන ලදී.

මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, පැසිපන්දු සංචිතයේ සභාපති එයාර් කොමදඩෝර් අමල් පෙරේරා, ගුවන් හමුදා ක්‍රීඩා සම්ලෙනයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරාධිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි