ජාතික විද්‍යා දිනය සැමරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරයි
5:25pm on Tuesday 21st November 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ 2023 නොවැම්බර් 08 වන දින සිට 10 වන දින දක්වා ජාතික විද්‍යා දිනය සැමරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික කෞතුකාගාරයේදී පවත්වන ලද ප්‍රදර්ශනය සඳහා ගුවන් හමුදාව ක්‍රියාකාරීව සහභාගී විය.

ශ්‍රී ලංකාවේ ගුවන් පර්යේෂණ සහ සංවර්ධන අංශය විසින් නිර්මාණය කරන ලද ලිහිණියා සහ දුරස්ත පාලකයකින් පැලනය කල හැකි මිනිසුන් රහිත ගුවන් යානා, දුරස්ථ වෙඩි තැබීමේ යාන්ත්‍රණය, අධීක්ෂණ පද්ධතිය සහ වාහන පරීක්ෂා කිරීමේ රොබෝ තාක්ෂණය ඇතුළත් ගුවන් හමුදාවේ සිදු කරන ලද පර්යේෂණ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ප්‍රදර්ශනය කරන ලදී. තවද කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ පුනර්ජනනීය බලශක්තිය සවිබල ගැන්වීමේ පද්ධති සහ කඩදාසි ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයක් සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගය විසින් අපද්‍රව්‍ය කළමණාකරන කටයුතු සඳහා භාවිතා කරන ගෘහස්ථව නිපදවන ලද ප්ලාස්ටික් ෂ්‍රෙඩර් යන්ත්‍රයක් ප්‍රදර්ශනය කරන ලදී

තවද, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂය විසින්  ගුවන් යානා නිරීක්ෂණ පද්ධතිය සහ  සන්නිවේදන අධීක්‍ෂණ පද්ධති ප්‍රදර්ශනය කරමින් ඔවුන්ගේ ඉංජිනේරු හැකියාවන් ප්‍රදර්ශනය කරන ලදී. තවද, කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂය විසින් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ මෑතකදී සංවර්ධනය කරන ලද ගුවන් යානා දත්ත පටිගත කිරීමේ සහ නැවත ධාවනය කිරීමේ පද්ධතිය, අංක 01 තොරතුරු තාක්‍ෂණ පක්‍ෂය විසින් කෘතිම ස්නායු ජාල භාවිතා කරමින් මෘදුකාංග යෙදුම් පෙන්වමින් ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ හැකියාවන් ඉදිරිපත් කරන ලදී.

අංක 02 ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ තොරතුරු තාක්ෂණ පක්ෂාංගය විසින් භූ-තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේද යෙදුම් ප්‍රදර්ශනය කරන ලදී. මීට අමතරව, ගුවන් හමුදා පාලවි කඳවුරේ පුහුණු පාසල විසින් පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ රොබෝ රථය ද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තේය.

පුනර්ජනනීය බලශක්තියේ නවෝත්පාදන සහ වැඩිදියුණු කිරීම සඳහා ගුවන් හමුදාවේ කැපවීම "විද්‍යා ප්‍රදර්ශනය -2023" හිදී අවධාරණය කරන ලදී. ගුවන් හමුදා දූලස්ථානයෙහි පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් මෙම අවස්ථාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනෙකුත් සියලුම ඉංජිනේරු අංශවල ක්‍රියාකාරී සහභාගීවන්නන් මේ සදහා සාර්ථකව සම්බන්ධ කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි