ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලබන "WAYO on Wings" සජීවීව ප්‍රසංගය සදහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ නිල උත්සවය ගුවන් හමුදා මූලස්ථානයේදී
7:53pm on Tuesday 21st November 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ විශේෂ අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතිය.“හුස්ම” බලගැන්වීමේ “WAYO ON WINGS” සජීවි සංගීත ප්‍රසංගය සදහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ උත්සවය 2023 නොවැම්බර් 17 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය සහභාගිවු අතර ඒ සදහා ගුවන් ලේකම් ගෲප් කැප්ටන් ප්‍රදීප් පියරත්න, ප්‍රසංග සංවිධායක කමිටුවේ සභාපති එයාර් කොමදෝරු දීපාල් මුණසිංහ සහ තවත් ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මඟින් ගුවන් හමුදාවේ සේවා සහ සිවිල් පුද්ගලයින්ගේ සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා පවත්වනු ලබන සියලුම සුබසාධන ව්‍යාපෘති සඳහා ආධාර කිරීම සහ එමෙන්ම ජාතික සහයෝගීතාවයේ කුළුණක් ලෙස ස්ත‍්‍රී පුරුෂ භාවය, ජාතිය, ආගම, භාෂාව හෝ දේශපාලන මතය නොසලකා රට පුරා සිටින දිළිඳු ජනතාවට සහය වීමට අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතිය වන “හුස්ම” හි අරමුණවේ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාන්විතයේදී මියගිය, ක්‍රියාන්විතයේදී තුවාල ලැබූ සහ දැනට සක්‍රීය සේවයේ යෙදි සිටින සාමාජිකයින්ගේ සහ සුදුසුකම් ලත් සිවිල් සේවකයින්ගේ දරුවන්ට, මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී සිටින සහ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය හඳුනාගත් ළමුන් සඳහා විශේෂ මූල්‍ය ආධාර සපයයි. තවද මෙම ඒකකය මඟින් විභාගවලින් දස්කම් දැක්වූ දරුවන්ට සහ මූලික අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමේදී ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන සිසුන් සඳහා ශිෂ්‍යත්ව ද ලබා දෙන අතර අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා වෛද්‍ය ආධාර සැපයීම, සුදුසුකම් ලත් සේවා පුද්ගලයින් සහ ගුවන් හමුදාවේ සිවිල් සේවකයින් සඳහා නිවාස ඉදිකිරීමට සහාය වේ.

මීට අමතරව, සේවා වනිතා ඒකකය විසින් ප්‍රජා සංවර්ධන සහ සුබසාධන ව්‍යාපෘති රාශියක් හරහා සාමාන්‍ය ජනතාවට ආධාර ලබා දේ. ග්‍රාමීය ප්‍රදේශවල අඩු වරප්‍රසාද ලත් පාසල්වලට පන්ති කාමර, විද්‍යාගාර, පිරිසිදු කිරීමේ කුට්ටි, සනීපාරක්ෂක පහසුකම්, පානීය ජල පද්ධති ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම මගින් විවිධ ආකාරවලින් උපකාර කරන අතර එම දරුවන්ට අවශ්‍ය පාසල් බෑග්, සපත්තු සහ ලිපි ද්‍රව්‍ය වැනි අවශ්‍ය ද්‍රව්‍ය ලබා දී ඇත.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි