කටුනායක ගුවන් හමුදා කඳවුර පවුල් සබඳතා සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම පිළිබඳ වැඩමුළුවක් පවත්වයි
7:59pm on Tuesday 21st November 2023
කටුනායක ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩොර් දේශප්‍රිය නිළධාරීතුමනගේ මගපෙන්වීම යටතේ සියලුම නිලධාරීන් සහ ඔවුන්ගේ කලත්‍රයන් සඳහා පවුල් සබඳතා සහ යහපැවැත්ම කේන්ද්‍ර කර ගනිමින් මනෝ අධ්‍යාපනික සහ උපකාරක සැසි පිළිබඳ වැඩසටහනක් 2023 නොවැම්බර් 17 වන දින නිලධාරීන්ගේ නිවස්නයේදී හිදී පවත්වන ලදී.

ආර්ථික අවිනිශ්චිතතාවය සහ ශීඝ්‍රයෙන් වෙනස් වන සමාජ ගැටලු හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකික පවුල් මුහුණ දෙන අභියෝගවලට ප්‍රතිචාර වශයෙන්, ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න පවුල් බැඳීම් පවත්වාගෙන යාමේ දුෂ්කරතා විසඳීම මෙම වැඩමුළුවේ අරමුණ විය.

පුහුණු උපදේෂකයකු මෙන්ම Global Minds Institute of Psychological Studies & Research පුද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා වෘත්තීය උපදේශකවරුන්ගේ සංගමයේ සභාපති කථිකාචාර්ය ප්‍රසන්න ජයතිලක මහතා විසින් වැඩසටහන පවත්වන ලදී. පවුල් සබඳතා ශක්තිමත් කිරීම සහ රැකියාවේ සහ පවුල අතර සමතුලිතතාවයක් ඇති කර ගැනීම සඳහා නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දැනුම වැඩි දියුණු කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කරන ලදී.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර, කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් දේශප්‍රිය සිල්වා, භෝඡනාගාර සංවිධායක කමිටුවේ සභාපති සහ කටුනායක ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් වසන්ත පද්මපෙරුම, නිලධාරීන්, විවාහක නිලධාරීන් සහ ඔවුන්ගේ කලත්‍රයන් මෙම අවස්ථාවට සහභාගී වූහ. .

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි