එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි
1:18pm on Wednesday 22nd November 2023
එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ වසර 35ක ජාතිය වෙනුවෙන් කැප වූ සේවයෙන් පසු 2023 නොවැම්බර් 20 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි. ඔහු විශ්‍රාම යන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරීය.

එයාර් වයිස් මාර්ෂල් තිලකසිංහ මහතා 2023 නොවැම්බර් 09 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමාගේ කාර්යාලයේදී නිල සමුගැනීම සිදු කරන ලදී. අප මාතෘභූමියට අවශ්‍ය වූ කාලය තුළ ප්‍රධාන පාර්ශවකරුවෙකු වශයෙන් වෘත්තීය මට්ටමින් ලබාදුන් දායකත්වය ගුවන් හමුදා වංශ කතාවේ සටහන් වන බවත් ගුවන් හමුදාපතිතුමන්  අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපති සහ එයාර් වයිස් මාර්ෂල් තිලකසිංහ අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. ඔහු අවසන් වරට ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර 2023 නොවැම්බර් 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින්වි උත්සවාකාර ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

1988 වසරේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ 6 වැනි බඳවා ගැනීම හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු ඔහු 1990 ඔක්තෝම්බර් 05 වැනි දින නියමු නිලධාරියෙකු ලෙස පත්වූ අතර සිය වෘත්තීය ජීවිතය තුළ විවිධ පුහුණු පාඨමාලා හදාරා ඇත.  සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආරක්‍ෂක අණ මාණ්ඩලික පාඨමාලාව හැදෑරූ අතර කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ගත්තේය. ඔහු සුදුසුකම් ලත් ගුවන් බර අධික්ෂණ නිළධාරියකු වන අතර C-130, ‍Y-8, AN-32B සහ MI-17 ගුවන් යානා වල පියාසර කරන පැය 2000කට ආසන්න කාලයක් සම්පූර්ණ කර ඇත.

කටුනායක අණදෙන නිලධාරී අංක 01 සැපයුම් සහ නඩත්තු ඩිපෝව, මින්නේරිය අණදෙන නිලධාරී අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝව, ප්‍රධාන ප්‍රසම්පාදන නිලධාරී, මාණ්ඩලික නිලධාරී සැපයුම් ඓ, ශුභසාධන ව්‍යාපෘති නිලධාරි, නියෝජ්‍ය අධ්‍යක්ෂ සැපයුම් සහ අධ්‍යක්ෂ ජනරාල් සැපයුම් ඇතුළත්ව තනතුරු රාශියක් දරා ඇත.

එතුමාගේ විශිෂ්ඨ සහ ආදර්ශමත් සේවය වෙනුවෙන් “උත්තම සේවා පදක්කම” පිරිනමා ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි