මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ 9 වැනි කණ්ඩායම කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පිටත් වේ
1:21pm on Wednesday 22nd November 2023
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ , එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු සදහා පිටත්ව යන ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණයේ 09 වන කණ්ඩායම විසිර යාමේ උත්සවය 2023 නොවැම්බර් 20 වන දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්’ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කදවුරේ දී පැවැත්වුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව , මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සංග්‍රාමික මෙහෙයුම් වලට දායකත්වය ලබා දීමට අමතරව භට පිරිස් ප්‍රවාහනය , ප්‍රභූ ප්‍රවාහනය , ආහාරපාන සහ භාණ්ඩ ප්‍රවාහනය , අභ්‍යන්තර ගුවන් ගමන් , පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම , වෛද්‍ය ප්‍රවාහන කටයුතු සදහා සහාය දැක්වීම ද සිදු කරති .

මෙම සාම සාධක මෙහෙයුම් රාජකාරී සදහා ශ්‍රී ලංකා හෙලිකොප්ටර් යානා බලඝණයේ නිලධාරීන් 21 දෙනෙකු සහ සෙසු නිලයන් 89 දෙනෙකු මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව යාමට නියමිතය.ශ්‍රී ලංකා ගුවන් හමුදාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සදහා මේ වනවිට ගුවන් හමුදා සාමාජිකයන් 891 දෙනෙකු අන්තර්ග්‍රහණය කර ඇති අතර , ඒ මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 120 ක් මෙරට භාණ්ඩාගාරය වෙත ලබා දීමට කටයුතු කර තිබේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි