ජාතික ආරක්ෂක විද්‍යාලයේ අංක 02 උපාධි පාඨමාලාව සාර්ථකව අවසන් වේ
10:23pm on Thursday 30th November 2023
ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) පාඨමාලා අංක 02 හි උපාධි ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් 21 වන දින ජාතික ආරක්ෂක විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී, ගරු. රනිල් වික්‍රමසිංහ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා (විශ්‍රාමික) විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගන්නා ලදී.

 අංක 02 2023 ජනවාරි 09 වන දින ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 15 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 08 දෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 07 දෙනෙකු සහ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකුගෙන් සමන්විත සමස්ත නිලධාරීන් 36 දෙනෙකු පාඨමාලා සාර්ථකව නිමකර ඡනාධිපතිතුමන් අතින් උපාධි ලබා ගන්නා ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා, උපකුලපති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය - රියර් අද්මිරාල් දම්මික කුමාර, ණ්ඪ්C හි කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, විද්‍යාපීඨ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි