ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීතුමන් පත් කෙරේ
10:27pm on Thursday 30th November 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය ප්‍රධාන මාණ්ඩලික ලෙස 2023 නොවැම්බර් 20 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කරන ලදී. ගුවන් හමුදා මූලස්ථානය සහ නව පත්වීම් ලැබූ නියෝජ්‍ය ප්‍රධාන මාණ්ඩලික නිලධාරීතුමන් වෙත වෙත ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිය සුභාශිංසන පිරිනමන ලදී.

එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු 1988 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන බඳවා ගැනීමේ නිලධාරි කැඩෙට් නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාවේදී මූලික සටන් පුහුණුව ලබා පසුව රෙජිමේන්තු නිලධාරි කැඩෙට් නිලධාරියෙකු ලෙස උසස් පුහුණු පාඨමාගාව සම්පූර්ණ කළේය. ඔහුගේ පුහුණුව අවසන් වූ පසු, 1990 දී ගුවන් නියමු නිලධාරියෙකු ලෙස පත් කරන ලද අතර ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ රෙජිමේන්තු පක්ෂාංගයට පත් කරන ලද අතර එහිදී ඔහු වසර 5 ක් සේවය කළේය. 1995 දී ඔහු එවකට ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කදවුරේ පැවති පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසලේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීම පිළිබඳ පුහුණුව සාර්ථකව නිම කරන ලදී.

ඔහු පසුගිය ධුර කාලය තුළ වන්නි රෙජිමේන්තු පක්‍ෂයේ අණදෙන නිළධාරී වැනි ප්‍රධාන පත්වීම් රැසක් ලබා ඇති අතර එහිදී ඔහු ප්‍රතිවිරෝධතා මෙහෙයුම් කිහිපයක් සිදුකිරීමේ ක්‍රියාකාරීව දයක වූ අතර උතුරු පළාතේ දැඩි ලෙස බිම්බෝම්බ ඇති ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් කිහිපයකට අණදී ඇත. ඉන්පසුව, ඔහු සීගිරිය පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලෙස පත් කරන ලද අතර, එහිදී ඔහු නාවික හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසල පිහිටුවීමට සහය වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ පුහුණුවක් හඳුන්වා දීමට පුරෝගාමී විය. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කදවුරට අණ දුන් අතර එක්සත් ජාතීන්ගේ බිම් බෝම්බ අවදානම් අධ්‍යාපන වැඩසටහනට අනුග්‍රහයක් ලෙස උතුරු ප්‍රදේශයේ සරණාගත කඳවුරුවල සිටි සිවිල් වැසියන් සහ ළමුන් සඳහා බිම්බෝම්බ අවදානම් අධ්‍යාපන මාලාවක් පවත්වමින් ස්වේච්ඡාවෙන් සිය සේවය ඉටු කළේය. තවද, ඔහු විසින් මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී ඓඓඓ තනතුරුද දරා ඇත. 2015 දී ඔහු ගුවන් හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂක කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී II සෙල තනතුර දැරූ අතර  කොළඹ, දියතලාව සහ අම්පාර වැනි ගුවන් හමුදා කදවුරුවල අණදෙන නිළධාරීවරයා ලෙස සේවය කරන ලදී. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීතුමන් ලෙස නව පත්වීම භාරගැනිමට පෙර ගුවන් හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ භූමි මෙහෙයුම්, අධ්‍යක්ෂ ජනරාල් භූමි මෙහෙයුම්, ලෙස පත්වීම් දරා ඇත.

එයාර් වයිස් මාර්ෂල් ගුණවර්ධන ඉන්දියාවේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව, කැලණිය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ඉන්දියාවේ උසස් ආරක්‍ෂක කළමනාකරණය, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව ඇතුළු සිය අධ්‍යයන දිවියේ සන්ධිස්ථාන රැසක් අත්කර ගෙන ඇත. පකිස්ථානයේ ගුවන් යානා බෝම්බ නඩත්තු පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ හවායි හි අර්බුද කළමනාකරණ පාඨමාලාව හදාරා ඇති අතර බංග්ලාදේශයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් උපාධිය ලබා ඇති අතර "න්ඩ්c" යන කීර්තිමත් නාමය හිමිකරගෙන ඇත. ඊට අමතරව ඔහු එක්සත් රාජධානියේ පුපුරණ ද්‍රව්‍ය ඉංජිනේරු ආයතනයේ සාමාඡිකත්වය දරනු ලබයි.

ඔහුගේ හමුදා දිවිය තුළ සතුරා හමුවේ විශිෂ්ඨ හැසිරීම වෙනුවෙන් ‘රණ සූර පදක්කම’ ද, සුවිශේෂී හැකියාව සහ නොකැළැල් හැසිරීම වෙනුවෙන් උත්තම සේවා පදක්කම ද ඔහුට හිමි වී ඇත. තවද ‘පූර්ණ භූමි පදක්කම’, ‘උතුරු සහ නැගෙනහිර මෙහෙයුම් පදක්කම’, ‘50 වැනි සංවත්සර (ශ්‍රී ලංකා ගුවන් හමුදා) පදක්කම, ‘ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිගු පදක්කම’, ‘රිවිරැස ප්‍රචාරක සේවා පදක්කම’, ' 50 වැනි නිදහස් සංවත්සර පදක්කම', ආදර්ශමත් නායකත්වය සහ කීර්තිමත් සේවය සඳහා උතුරු හා නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම් වලින්ද එයාර් වයිස් මාර්ෂල් ගුණවර්ධන මහතා පිදුම් ලබයි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි