ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු වාර්ෂික පරික්ෂණය ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදුකරයි
10:32pm on Thursday 30th November 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2023 නොවැම්බර් 22 වන දින ගුවන් හමුදා කොළඹ කඳවුරේ වාර්ෂික පරික්ෂණය සිදු කරන ලදී.
 
කොළඹ ගුවන් හමුදා කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් වෙත චාරිත්‍රානුකූල ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී. එක් අධිකාරී නොලත් කනිෂ්ඨ නිලධාරියෙකු සහ  අධිකාරී නොලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ගුවන් හමුදාපතිවරයා විසින් ගුවන් හමුදාවට කළ විශිෂ්ට සේවය අගයමින් ප්‍රශංසා ලබා ගන්නා ලදී. ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

සැරයන් වීරසිංහ ඩබ්ලිව්එම්ආර්එස්එම් (පරිපාලන සහකාර එස්පී II)
කෝප්‍රල් මනෝජ් ඩබ්ලිව්ඩීඅයිඒ (මෙහෙයුම් භූමිය II)

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ අණදෙන නිළධාරීවරයාගේ වාර්ෂික පරීක්‍ෂණය නිමිත්තෙන්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කොළඹ ගුවන් හමුදා කඳවුරේ පූර්‍ණ පරීක්‍ෂණයක් සිදුකිරීමට  පැමිණී අතර, වැඩබලන අණදෙන නිළධාරීතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී.

පරීක්‍ෂණය අතරතුරදී, ගුවන් හමුදාධිපතිතුමන් විසින් ක්‍රීඩා අංශය, ප්‍රසම්පාදන අංශය, රයිෆල් ග්‍රීන් සමාඡ ශාලාව සහ ගුවන් භට සහ ගුවන් කාන්තා නවාතැන් ඇතුළුව  කඳවුරේ විවිධ අංශවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඉන් අනතුරුව, ගුවන් හමුදාධිපතිතුමන් ගුවන්පුර ගුවන් හමුදා රෝහල වෙත ගිය අතර, එහිදී , ප්‍රවාහන සංකීර්ණය, සුභසාධක සාප්පුව සහ විවාහක නිවස්න සංකීර්ණය පරීක්ෂා කිරීම සිදු කරන ලදී.

නිරීක්ෂණ චාරිකාව අඛණ්ඩව සිදු කරමින්, ගුවන් හමුදාධිපතිතුමන් තුම්මුල්ල නිලධාරීන්ගේ නිවස්න වෙත පැමිණීමට පෙර ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගිය අතර අනතුරුව, කොල්ලුපිටියේ පිහිටි නිලධාරින්ගේ විවාහ නිවාස සංකීර්ණය වෙත ගියේය. පරීක්‍ෂණය අවසන් කරමින්, ගුවන් හමුදාධිපතිතුමන්, ගුවන් භටයින්, ගුවන් කාන්තා සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟ එක්ව ගුවන් භටයින්ගේ භෝඡනාගාරයේ පැවති සම්ප්‍රදායික සියලු නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයට සහභාගී විය.

මෙම වසරේ පරීක්ෂාව අවසන් කිරීමට පෙර, ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදා මූලස්ථානය සහ කොළඹ කඳවුරේ සියලුම සේවා සහ සිවිල් කාර්යමණ්ඩලය අමතන ලදී. ගුවන් හමුදා මූලස්ථානය අකුරේගොඩ නව ආරක්‍ෂක මූලස්ථානය වෙත ගෙනයාම ඉදිරි මාසයේ මුල් සතියේදී ආරම්භ කරන බව ගුවන් හමුදාධිපතිතුමන් වැඩි දුරටත් අවධාරණය කළේය.

මෙම පියවරෙන් පසු සහෝදර හමුදාවල පිරිස් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් ලෙස පුද්ගලික විනය සහ අභිමානය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. අවසාන වශයෙන්, පරීක්‍ෂණයට අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව ඉතා උනන්දුවෙන් කඳවුර සකස් කිරීම පිළිබඳව අණදෙන නිළධාරියා සහ ඔවුන්ගේ කණ්ඩායමට සිය ප්‍රශංසාව පුද කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි