මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ අධීක්ෂණ චාරිකාවක
10:36pm on Thursday 30th November 2023
ශ්‍රී ලංකා දූත පිරිස 2023 නොවැම්බර් 12 වන දින සිට 19 වන දින දක්වා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ  ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ අධීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් කොමදෝරු ගිහාන් සෙනෙවිරත්න මහතා විසින් දරනු ලැබීය. එහි සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ලේකම් කාර්යාලයේ  ගුවන් මාණ්ඩලික නිලධාරි ඓඓ ගෲප් කපිතාන් නාලක වනසිංහ නිළධාරීතුමන්ද සංචාරයට එක්විය. මෙම සංචාරයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අඛණ්ඩ ස්වයංපෝෂිතභාවය සහ මෙහෙයුම් සූදානම සහතික කිරීම සඳහා යොදවා ඇති ගුවන් සේවා වත්කම් සහ පරිපාලන කටයුතු පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමයි. Cඇර්‍ හි අගනුවර වන ඹන්ගුඉ වෙත පැමිණි දූත පිරිස ශ්‍රී ගුවන් සේවා නියෝජ්‍ය අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් කංචන ලියනාරච්චි විසින් පිළිගනු ලැබීය.

බ්‍රියා හි රැඳී සිටි කෙටි කාලය තුළ, නියෝජිත පිරිස ශ්‍රී ගුවන් සේවා කඳවුරු පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් පැවැත්වීය, ඒකකයේ ප්‍රමිතිය සහ මෙහෙයුම් සූදානම තක්සේරු කිරීමට මෙන්ම සියලුම නිළයන්ට තම ගැටළු සහ යෝජනා අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරුවරයා වෙත ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීම සඳහා සුභසාධන සමුළුවක් කැඳවා සවස් කාලයේ සමාජ අන්තර් ක්‍රියා සැසියක් සංවිධානය කරන ලදී. මීට අමතරව, 2023 නොවැම්බර් 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 8 වන ගුවන් හමුදා බලඇණිය සඳහා පදක්කම් ප්‍රදානය කිරීමේ පෙළපාලිය ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස නියෝජිත කණ්ඩායම් ප්‍රධානියා විසින් නිරීක්ෂණය කරන ලදී.

අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරුවරයා බ්‍රියා හි නැගෙනහිර අංශයේ මූලස්ථානය වෙත ගොස් නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් ජෙනරාල් ඛන්ඩකර් එම්ඩී ෂහිදුල් එම්රාන් මහතා හමුවිය. තවද, මෙම සංචාරයේදී ඔහු මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි බලසේනාධිපති ලුතිනන් ජෙනරාල් Humphrey Nyone සහ නියෝජ්‍ය හමුදාපති මේජර් ජෙනරාල්Pedro Miguel Alves Gonçalves Soares සමඟ සුහදව සාකච්ඡාවක නිරත විය. සංචාරය 2023 නොවැම්බර් 19 වැනි දින සාර්ථක සටහනක් මත අවසන් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි