12 වන ආරක‍ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල අභිමානවත් අයුරින්
10:40pm on Thursday 30th November 2023
වසරක් පුරා ක්‍රීඩා තරග ඉසව් 38 ක් යටතේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් එකිනෙකාගේ ක්‍රීඩා දක‍ෂතාවයන් උරගා බලනු ලබන ආරක‍ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ  සමාප්ති උළෙල ආරක‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්ථමාන සභාපති මෙන්ම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් හා මගපෙන්විමෙන් 2023 නොවැම්බර් මස 24 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගනයේ දි රාජ්‍ය ආරක‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් ගේ ප්‍රදානත්වයෙන් අභිමානවත්ව පවත්වනු ලැබීය.  

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය විසින් නිර්දේශ කර ඇති වාර්ෂික ක්‍රීඩා සැලසුමට අනූව   දෙවන වැදගත්ම ක්‍රීඩා තරගාවළිය වන ආරක‍ෂක සේවා ක්‍රීඩා තරගාවලිය  ශ්‍රී  ලංකාවේ පවත්වනු ලබන ක්‍රීඩා තරග අතරින් වැඩිම ක්‍රීඩක ක්‍රීඩීකාවන් පිරිසක් සහභාගිවන තරගාවලිය වන අතර මෙම තරගාවළියේ මළල ක්‍රීඩා අංශයේ තරග පළමුවරට මෙවර ලෝක මළල ක්‍රීඩා සම්මේලනයේ ලියපදිංචි කර ඇති බැවින් මෙම තරගාවළියේ මළල ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දක්වනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ලෝක මළල ක්‍රීඩා සම්මේලනයේ නිතින්ට අනුව ප්‍රසාද ලකුණු ලබාදිම සිදුකරනු ලබන අතර එය ඔවුන් හට ඔලිමිපික් තරග වලට සහභාගිවිම සදහා මහගු පිටුවහලක් වනු ඇත  
 
ජාතික හා ජාත්‍යන්තර නියෝජනය කරමින් අප දේශයට අභිමානයක් එක්කරනු ලැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000ක් පමණ සහභාගි වු මෙම තරගාවළියේ දි නව ආරක‍ෂක සේවා ක්‍රීඩා වර්ථා හතරක් පිහිටුවිම සිදුවු අතර දක්ෂ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් හදුනාගැනිමට ද  හැකිවිය. මෙම තරගාවළියේ දක්ෂතා දැක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේදි ත්‍රිවිධ හමුදා ක්‍රීඩා මණ්ඩලය විසින් නිසි පුහුණුවක් ලබාදි ජාතික ක්‍රීඩා සංචිතයන් වෙත අනියුක්ත කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකරනු ලබන අතර වර්ථමානය වනවිට ජාතික කිඩා සංචිතයන්ට අනියුක්තව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් වැඩි පිරිසක් ත්‍රිවිධ හමුදාවන් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන අතර ඔවුන් හට එම අවස්ථාව උදාකර ගැනිම සදහා ආරක‍ෂක සේවා ක්‍රීඩා තරගාවලි මහත් පිටුවහලක් වන ලදි.     

2022 ඔක්තෝමිබර් මස 26 වනදා ආරම්භ වු ආරක‍ෂක සේවා ක්‍රීඩා තරගාවලිය සාර්ථකව පැවති අතර තරගාවලියේ සමාප්ති උළෙල සදහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මැතිතුමන්, ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්ථමාන සභාපති මෙන්ම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යුධ හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරල් විකුමි ලියනගේ මෙන්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සංචිතයන්හි සභාපතිවරුන්, ආරක‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ ලේකම් ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ සහ එයට සම්බන්ධ සියළුම නිලධාරීන්වරුන් මෙන්ම ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සංචිත නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ඇතුලු විශාල පිරිසක්  සහභාගි විය.

මෙවර ආරක‍ෂක සේවා තරගාවලියේ සංවිධාන කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලැබු අතර  සමාප්ති උළෙළ අභිමානවත්ව මෙන්ම විචිත්‍රවත්ව සංවිධානය කරමින් ක්‍රීඩා උත්සවයක් සදහා රාත්‍රියේදි නිදහස්ආර පැරෂුටි පැනිමේ භටයින් ගේ සංදර්ශනයක් ඉදිරිපත් කරනු ලැබු පළමු අවස්ථාව ලෙස 12 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවළියේ සමාප්ති උළෙල ඉතිහාසයට ඒක්වන ලදි

ආරක‍ෂක සේවා තරගාවලියේ සමාප්ති උළෙල අවසානයේදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් 2024 වසරේ ආරක‍ෂක සේවා තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකිරිම සදහා  සම්ප්‍රධානුකූලව ආරක‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ ධජය යුධ හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරල් විකුමි ලියනගේ හට නිළ වශයෙන් භාරදිම ද මෙහිදි සිදු විය.  
ශ්රිා ලංකා යුධ හමුදාව   - රන්පදක්කමි - 147 රිදි පදක්කමි - 144  ලෝකඩ පදක්කමි - 112
ශ්රිා ලංකා ගුවන් හමුදාව - රන්පදක්කමි - 77  රිදි පදක්කමි  - 71  ලෝකඩ පදක්කමි - 100
ශ්රිා ලංකා නාවික හමුදාව - රන්පදක්කමි - 69  රිදි පදක්කමි - 86   ලෝකඩ පදක්කමි - 69


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි