ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කෙරේ
10:42pm on Thursday 30th November 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 නොවැම්බර් 24 වන දින කදවුරු පරිශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී පිටත්ව යන අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සී වික්‍රමරත්න නිළධාරීතුමන් විසින් එයාර් කොමදෝරු එච්ඩබ්ආර් චන්දිම නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

පිටත්ව යන අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න නිළධාරීතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් භූමි මෙහෙයුම් ලෙස තනතුර භාරගැනීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි