අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය 28 වැනි සංවත්සරය සමරයි
10:43pm on Thursday 30th November 2023
ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය 2023 නොවැම්බර් 24 වන දින සිය 28 වන සංවත්සරය සමරනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින්, සම්ප්‍රදායික පෙළපාලියක් බලඝණ පරිශ්‍රයේ දී පවත්වන ලද අතර, එය අණදෙන නිළධාරී, විංග් කමාන්ඩර් පී.එස්. ලියනාරච්චි විසින් සමාලෝචනය කරන ලදී. අනතුරුව බලඝණයේ නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් ජාතිය වෙනුවෙන් තම උත්තරීතර පරිත්‍යාගය සිදු කළ මියගිය සියලුම විරුවන්, ආබාධිත පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත අණදෙන නිළධාරී විසින් සිය කෘතඥතාවය පුද කරන ලදී.

අනතුරුව, බළඝණයේ මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වමින් අභිමානවත් ගෞරව දැක්වීම සඳහා සිරිත් පරිදි සමරු පෙළපාලියක් බලඝණ ස්මාරකය අභියසදී පවත්වන ලදී. මීට අමතරව, කාර්ය මණ්ඩලයේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ක්‍රීඩා වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්.එම්.ඒ මෙන්ඩිස් මහතා සහභාගී විය. 28 වැනි සංවත්සර උත්සවයට සමගාමීව 2023 නොවැම්බර් 28 සහ 29 යන දිනවල අංක 9 සහ අංක 7 බලඝණවල සේවය කළ මියගිය සහ අතුරුදන් වූ අයගේ ආදරණීය පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පිංකමක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි