2023 වර්ෂය සඳහා 13 වන සමස්ත නිලධාරීන්ගේ ගුවන් ආරක්ෂණ වැඩමුළුව සහ 2 වන නිලධාරීන්ගේ වැඩමුළුව
12:05pm on Friday 1st December 2023
2023 වර්ෂය සඳහා පවත්වන ලද 13 වන සමස්ත ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව සහ 2023 වසර සඳහා පවත්වන ලද 2 වන නිලධාරි වැඩමුළුව 2023 නොවැම්බර් 24 වන දින ගුවන් හමුදා රත්මලාන කඳවුරු ගුවන් හමුදා කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී සාර්ථකව නිම කරන ලදී.

එයාර් කොමදෝරු අමල් පෙරේරා මහතා සමාරම්භක සටහන තබමින් අධ්‍යක්‍ෂ ගුවන් ගමන් ආරක්‍ෂාව වැඩමුළුවේ අරමුණ සහ එහි අපේක්ෂාවන් පාඨමාලා සහභාගිවන්නන්ට අවධාරණය කළේය. ගෲප් කැප්ටන් ඩබ්ලිව්ඒඩීසී විජේසිංහ (ගුවන් යානා අනතුරු විමර්ශන පිළිබඳ හැඳින්වීම), ගෲප් කැප්ටන් ජීඑස්එස් පෙරේරා (ගුවන් කායික විද්‍යාව), විංග් කමාන්ඩර් එම්බීජීටී ඩයස් (ආරක්ෂිත කළමනාකරණ පද්ධතිය), විංග් කමාන්ඩර් ඊඑම්එන් ඒකනායක (මානව සාධකය), වින්ග් කමාන්ඩර් ටීපී ද සිල්වා *(කාර්ය මණ්ඩල සම්පත් කළමනාකරණය), විංග් කමාන්ඩර් ඒඑච්එස් ප්‍රේමරත්න (ගුවන් කායික විද්‍යාව), විංග් කමාන්ඩර් ජීඩීපී ප්‍රේමදාස (ද්‍රව්‍ය සාධකය), ස්කොඩ්‍රන් ලීඩර් ආර්ඒජීපී රණසිංහ (ආරක්ෂිත කළමනාකරණ පද්ධතිය) මාතෘකා හටතේ වැඩමුළුවේදී සහභාගිවන්නන් සමඟ දැනුම සම්භාරයක් බෙදාහදා ගන්නා ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් වල සෘජුව සහ වක්‍රව නියැලෙන නිළධාරීන් අතර ගුවන් ගමන් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා ගුවන් හමුදා ගුවන් ආරක්ෂක පරීක්ෂක කාර්යාලය විසින් ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව සංවිධානය කරන ලදී. දින 05ක් පුරා පවත්වන ලද මෙම වැඩමුළුව සඳහා සාමාන්‍ය රාජකාරි නියමු, ගුවන් හා සාමාන්‍ය ඉංජිනේරු, මෙහෙයුම් ගුවන්, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, ලොජිස්ටික්, රෙජිමේන්තු, වෛද්‍ය සහ සිවිල් ඉංජිනේරු යන ශාඛා වලින් සමන්විත නිලධාරීන් 16 දෙනෙකු සහභාගී විය.

සමාප්ති දේශනය අතරතුර අණදෙන නිලධාරී අංක 4 බලඝණ ගෲප් කැප්ටන් ඩී.එල් හේවාවිතාරණ විසින් සහතිකපත් ප්‍රදානය කරන ලදී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි