රෙජිමේන්තු විශේෂ බලකාය (RSF) ගුවන් සංග්‍රාමික සෙවීම් සහ ගලවා ගැනීමේ පුහුණුව සාර්ථකව පවත්වයි
12:05am on Tuesday 5th December 2023
රෙජිමේන්තු විශේෂ බලකාය (RSF) යනු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රමුඛතම අංගය වන අතර එය ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණි සහ සහෝදර හමුදාවන් සමඟ ඕනෑම ආකාරයක භූමි ප්‍රදේශයක අනාගත සෙවීම් සහ මුදවාගැනීම්  මෙහෙයුම් සිදුකරනු ලබයි. ගුවන් හමුදා මොරවැව කදවුරේ පිහිටි රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් විපතට පත් ගුවන් නියමුවන්, ගුවන් භටයින් මෙන්ම ගුවන් අනතුරු හෝ ඕනෑම ආකාරයක ස්වභාවික හෝ මිනිසා විසින් සාදන ලද ව්යසනයන්හිදී සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා අනාගත සෙවීම් සහ මුදවාගැනීමේ මෙහෙයුම් විදේශ සහ ඊට අනුබද්ධ සේවාවන්හි ප්‍රභූ බලකා භටයින් පුහුණු කිරීම සඳහා ගුවන් සංග්‍රාමික මෙහෙයුම් ආශ්‍රිත පුහුණු අභ්‍යාස රාශියක් පවත්වන ලදී

මෑතකදී, රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් අංක 08 ගුවන් සංග්‍රාමික මෙහෙයුම් පුහුණු අභ්‍යාස පවත්වන ලද අතර, එය Abseiling, Rappelling, Fast Rope, Heli Marshaling සහ විශේෂ ගලවාගැනීමේ පුහුණු ක්‍රම වලින් සමන්විත විය.

සැම්බියානු ගුවන් හමුදා නිළධාරියෙකු, විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු, විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් තිදෙනෙකු, ශ්‍රී ලංකා යුධ හමුදා කමාන්ඩෝ භටයින් සිව් දෙනෙකු, ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් තිදෙනෙකු, එක් ශ්‍රී ලංකා යුධ හමුදා ගුවන් ජංගම භටයෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සිව් දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් භටයින් හතර දෙනෙකු සහ රෙජිමේන්තු විශේෂ බලකා සාමාජිකයින් 11 දෙනෙකු ඇතුළුව අභ්‍යාසලාභීන් 32 දෙනෙකු පාඨමාලාව සාර්ථකව නිම කරන ලදී. ප්‍රධානතම ප්‍රභූ බලකා පුහුණු පාසල වන රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් මේ දක්වා විදේශීය අභ්‍යාසලාභීන් 40 කට වැඩි පිරිසකට පුහුණුව ලබා දී ඇති අතර, මෙම පාඨමාලාවේ 41 වැනි විදේශීය අභ්‍යාසලාභියා ලෙස සැම්බියානු ගුවන් හමුදා නිලධාරි මේජර් මාටින්  Mpangayonse සහභාගී විය.

අධ්‍යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම්, එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් මත වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ  හා සාමාන්‍ය භූමි මෙහෙයුම්, එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න, සහ අධ්‍යක්ෂ ජනරාල් පුහුණු, එයාර් වයිස් මාර්ෂල් ලසිත් සුමනවීර සෘජු අධීක්ෂණය යටතේ පුහුණු වැඩසටහන මෙහෙය වූ රෙජිමේන්තු විශේෂ බළකායේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සුමිත් බණ්ඩාර මහතාගේ සම්බන්ධීකරනයෙන් සම්පූර්ණ පුහුණු අභ්‍යාස පැවැත්විණි. .

සමාප්ති උත්සවය ඊයේ 2023 නොවැම්බර් 29 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුරේදී සිදු වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් හේමන්ත බාලසූරිය මහතා සහභාගී විය. සාර්ථකව පුහුණුව අවසන් කළ අභ්‍යාසලාභීන් සඳහා සහතිකපත් ප්‍රදානයද එහිදී සිදු කෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි