මියගිය රණවිරුවන් වෙනුවෙන් පිරිත් සජ්ඣායනා පිංකමක් පවත්වනු ලබයි
12:13am on Tuesday 5th December 2023
විරු සමරුව 2023 සමගාමීව අංක 9 බලඝණයේ සහ අංක 7 බලඝණ දෙකෙහි සාමාජිකයින්ගේ ඒකාබද්ධ උත්සාහයක් ලෙස වාර්ෂික පවත්වන ලද සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව 2023 නොවැම්බර් මස 28 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේදී පවත්වන ලදී. මෙම මහගු පුණ්‍යකර්මය සදහා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ සියලුම අංශ මෙම අවස්ථාව සඳහා විවිධ ආකාරවලින් සහය විය.

මෙම පිරිත් සජ්ඣායනාව සඳහා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ වැඩබලන කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් මිලින්ද මෙන්ඩිස් ඇතුළු සියලුම නිළධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ. සජීවී පෙරහැරකින් ‘ධාතු මන්දිරය’ (කරදූව) අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණ කඳවුරු පරිශ්‍රයට වැඩමාගෙන එන ලද අතර, අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සම්පත් ලියනාරච්චි විසින් එය ‘පිරිත් මණ්ඩපයේ’ තැන්පත් කරන ලදී.

අනතුරුව,2023 නොවැම්බර් 29 වන දින ගෞරවනීය පුජ්‍ය පක්ෂය වෙත දානය පිරිනැමූ අතර, ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ සියලුම නිළධාරීන් සහ අංක 9 බලඝණයේ සහ අංක 7 බලඝණයේ මියගිය රණවිරුවන්ගේ ජීවතුන් අතර සිටින පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි