ගුවන් යානා තිරසාරත්වය සහ දේශීය ප්‍රවීණතාවයේ ජයග්‍රහණය
3:22pm on Wednesday 6th December 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් යානා ප්‍රතිසංස්කරණ පක්‍ෂාංගය (AOW) විසින් ඵලදායි සහ කාර්යක්ෂමව පියාසර අවශ්‍යතා සපුරාලීමේ දෙවන අවස්ථාව සනිටුහන් කරමින් 2023 දෙසැම්බර් 04 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 08 සැහැල්ලු ප්‍රවාහන බලඝණය වෙත අළුත්වැඩියා කිරීමකින්  ‍ය්-12 ඓඓ ගුවන් යානය සාර්ථකව ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ SMR-858 Y-12 II යානය මුල් උපකරණ නිෂ්පාදක (OEM) අධීක්‍ෂණය යටතේ ප්‍රතිසංස්කරණය කිරීම සහ සේවා කාලය දීර්ඝ කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා ප්‍රතිසංස්කරණ පක්‍ෂාංගය වෙත 20 ඔක් 19 දින භාර දෙන ලදී. කලින් අලුත්වැඩියා කරන ලද ගුවන් යානා (SCL-857 සහ SCL-859 හැර අනෙකුත් සියලුම Y-12 II ගුවන් යානා) OEM තාක්ෂණික සහාය හරහා සේවා ආයු කාලය වසර 35 දක්වා සේවා කාලය දීර්ඝ කර ඇත. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ මැද භාගයේදී, ‍ය්-12 ඓඓ ශ්‍රේණියේ සහ එහි උපාංග නිෂ්පාදනය කර ඇති බව පවසමින් සේවා කාලය දීර්ඝ කිරීමේ වැඩසටහන සඳහා සැපයුම් (අමතර සහ අළුත්වැඩියා කිරීමේ) සහාය සැපයීම මෙන්ම තාක්ෂණික සහාය ලබා දීම උපකරණ නිෂ්පාදක නවතා දමන ලදී.

අධ්‍යක්ෂ ජනරාල් ගුවන් ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් එම්පීඒ මහවත්තගේ ගේ සෘජු මගපෙන්වීම මතගුවන් යානා ප්‍රතිසංස්කරණ පක්‍ෂාංගයෙහි අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එල්එම්සිබි නිශ්ශංක සහ මේ සදහා කැපවූ කණ්ඩායම මෙම අභියෝගාත්මක ව්‍යාපෘතිය අසමසම දක්ෂතාවය මගින් කඩිසරව ක්‍රියාත්මක කරන ලදී. තවද, SMR-858 Y-12 II ගුවන් යානයේ ආයු කාලය දීර්ඝ කිරීම මොරටුව විශ්ව විද්‍යාලයේ සහ කොළඹ කාර්මික තාක්ෂණ ආයතනයේ විශේෂඥ සහාය ඇතිව සිදුකරන ලද අතර ඉතිරි ආයු කාලය ගණනය කිරීමෙන් ව්‍යුහාත්මක අඛණ්ඩතාව විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇත.

මෙම උත්සවය සඳහා අධ්‍යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම්, එයාර් වයිස් මාර්ෂල් වී.බී. එදිරිසිංහ, අධ්‍යක්ෂ ජනරාල් ගුවන් ඉංජිනේරු, එයාර් වයිස් මාර්ෂල් එම්.පී.ඒ මහවත්තගේ, ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස්.ඩී.ජී.එම් සිල්වා, නියෝජ්‍ය කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒ.ඩි.ආර්. ලියනාරච්චිගේ ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂ - නඩත්තු  එම්එෆ් ජැන්සන් සහ ගුවන් යානා ඉංජිනේරු අංශයේ අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් ඒකේකේආර් අබේසිංහ, අංක 08 සැහැල්ලු ප්‍රවාහන බලඝණය අණදෙන නිලධාරී විංග් සිමාන්ඩර් ටීපී සිල්වා ඇතුළු පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි