ශ්‍රී ලංකා ගුවන් හමුදාව 43 වැනි ජ්‍යෙෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලියේ දස්කම් දක්වයි
1:21am on Saturday 16th December 2023
ශ්‍රී ලංකා ස්කොෂ් විසින් සංවිධානය කරන ලද 43 වැනි ජ්‍යෙෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් සංකීර්ණයේදී 2023 දෙසැම්බර් 10 වැනි දින ප්‍රධාන ඉසව්වල අවසන් මහා තරග සහ සම්මාන ප්‍රදානෝත්සවයෙන් අවසන් විය. රියර් අද්මිරාල් පාලිත වීරසිංහ (විශ්‍රාමික) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. ශ්‍රී ලංකා ස්කොෂ් හි හිටපු සභාපතිවරයෙකු වන එයාර් කොමඩෝර් අජිත් අබේසේකර (විශ්‍රාමික), කීර්තිමත් ජාත්‍යන්තර පුහුණුකරු, Conor D Cruz සහ හිටපු ජාතික ශූර සමන් තිලකරත්න යන මහත්වරු ගෞරවනීය ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

මෙම ශූරතාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ලකුණු ලබා ගැනීමට සහ ඔවුන්ගේ වර්තමාන ජාත්‍යන්තර මට්ටම් ඉහළ නැංවීමට අවස්ථාව සලසා දී ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොෂ් ක්‍රීඩකයින් ක්‍රියාකාරීව සහභාගී වූ අතර ශූරතාවලියේදී ඔවුන්ගේ දස්කම් ප්‍රදර්ශනය කළහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි