19 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය 2023 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අනුශූරයන් බවට පත් විය.
3:32pm on Saturday 6th January 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කඹ ඇදීමේ කණ්ඩායම් 19 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය 2023 දී ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව පැවති දැඩි තරගයකින් පසු අනුශූරතාවන හිමිකරගැනීමට සමත්විය. ශ්‍රී ලංකා නාවික හමුදාව පරදවා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයේදී රද්දොළුගම එකමුතු ක්‍රීඩා සමාඡය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.

ජාතික ශූරතාවලිය 2023 දෙසැම්බර් 16 වන දින ගාල්ල සමනල ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති මේජර් ජෙනරාල් ජානක රණසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා කඹ ඇදීමේ සංචිත සභාපති එයාර් කොමඩොර් කේ.සී.ගීතප්‍රිය, නිළධාරීන්, සෙසු ත්‍රිවිධ හමුදා නිළධාරීන්, ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සහ පාසල් ක්‍රීඩකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි