රාජ්‍ය තාක්ෂණ අමාත්‍යවරයා සහ ගුවන් හමුදාධීපතිතුමන් අතර හමුවක්
3:33pm on Saturday 6th January 2024
රාජ්‍ය තාක්ෂණ අමාත්‍ය ගරු. කනක හේරත් මහතා නිලධාරීන් සමඟ 2023 දෙසැම්බර් 18 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

ඔවුන්ගේ සංචාරය අතරතුර, දූත පිරිස, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් සීමාව තුළ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය තාක්‍ෂණික දියුණුව පිළිබඳව ගුවන් හමුදාපතිතුමන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූහ. පර්යේෂණ හා සංවර්ධන මෙන්ම අරමුදල් සැපයීමේ සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් ගුවන් හමුදාව සහ තාක්ෂණික ක්ෂේත්‍රවල රජයේ පාර්ශ්වකරුවන් අතර තාක්ෂණික සහයෝගීතාවයට පහසුකම් සැලසීම මෙහි අරමුණ විය. මීට අමතරව, නියෝජිත පිරිස පවතින ඉංජිනේරු පහසුකම් සඳහා විභව ක්ෂේත්‍ර චාරිකා ගවේෂණය කළහ. අධ්‍යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම්, ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල්, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ සහ තාක්ෂණික කටයුතු හසුරුවන මාණ්ඩලික නිලධාරියා ඇතුළු ප්‍රධාන පිරිස් මෙම සාකච්ඡා සඳහා සහභාගී වූහ. සාධනීය සාකච්ඡාවලින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාපතිතුමන් විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි