සිනමන් නිවාඞු නිකේතනය ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී
12:36am on Tuesday 30th January 2024
මාබල් බීච් රිසෝට් හි අභිනවයෙන් ඉදිකරන ලද සිනමන් කබානා 2024 ජනවාරි 19 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන් විසින් මාබල් බීච් රිසෝට් පරිශ්‍රයේදී විවෘත කරන ලදී. විවෘත කිරීමේ උත්සවයට චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් ආර්ඒඩීටීඑම් වීරරත්න, අංක 01 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස්වී ප්‍රේමවර්ධන සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ සියලුම  නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී විය.

ප්‍රධාන නිවාඩු නිකේතනයේ සිට මීටර් 400 ක් පමණ දුරින් සහ නොගැඹුරු ගල් තටාකයක් අසල පිහිටා ඇති මෙම හුදකලා කබානාව ස්නෝකර්ලිං ලෝලීන්ගේ ප්‍රියතම එකක් වන අතර එය කොරල්පරවල සිත් ඇදගන්නාසුළු එකතුවකට පහසුවෙන් ප්‍රවේශ වීමට ඉඩ හැකියාව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි