අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝව 27 වැනි සංවත්සරය සමරයි
2:37pm on Friday 9th February 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 2 සැපයුම් හා නඩත්තු ඩිපෝව 2024 පෙබරවාරි 01 වන දින සිය 27 වන සංවත්සරය සමරන ලදී. සම්ප්‍රදායික වැඩ පෙළපාලිය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්එම්ඒ මෙන්ඩිස් විසින් අධීක්ෂණය කරන ලදී.

සැමරුම් උත්සවයට සමගාමීව 2024 ජනවාරි 30 වන දින හිඟුරක්ගොඩ මූලික රෝහලේදී රෝහල් පරිශ්‍රය සහ අවට පරිසරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන ලදී. 27 වන සංවත්සරය තවදුරටත් සැමරීම සඳහා එදිනම වොලිබෝල් තරඟාවලියක් සංවිධානය කරන ලද අතර තරඟාවලිය අවසන් වීමෙන් පසු සංගීත සංදර්ශනයක්ද සංවිධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි