76 වැනි ජාතික නිදහස් දින සැමරුම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත්ව එක්වෙයි
2:40pm on Friday 9th February 2024
"අලුත් රටක් හදමු" යන තේමාව යටතේ යටත් විජිත පාලනයෙන් නිදහස ලබා සපිරෙන 76 වැනි සංවත්සරය 2024 පෙබරවාරි 04 ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමාගේ දක්ෂ නායකත්වය යටතේ මෙම වසරේ පැවති නිදහස් ෆ්ලයි පාස්ට් සහ ගුවන් හමුදා චාරිත්‍රානුකූල පෙළපාලිය සඳහා ගුවන් හමුදාව සාඩම්බරයෙන් සහභාගී වූහ. මෙම චාරිත්‍රානුකූල පෙළපාලිය සඳහා ගුවන් හමුදා ගුවන් යානා 19 ක්, ගුවන් නියමුවන් 34 ක් සහ පෙළපාලි භූමියේ නිලධාරීන් 63 ක්, ගුවන් භටයින් 784 ක් සහ ගුවන් කාන්තාවන් 28 ක් සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න, වැඩබලන ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න යන මහත්වරුන් විසින් ගුවන් හමුදාධිපති එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න විසින් මෙම අවස්ථාවට පැමිණී ගුවන් හමුදාධිපතිතුමන් පිලිගනිනා ලදී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු. රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ආර්යාව, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විසින් සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කළහ. අග්‍රාමාත්‍යතුමන්, පාර්ලිමේන්තුවේ කථානායක, මැති ඇමතිවරුන්, අගවිනිසුරු, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, වයඹ පළාත් ආණ්ඩුකාරවර, රාජ්‍ය අමාත්‍යවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක ප්‍රධානී. මාණ්ඩලික, යුධ හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති, රාජ්‍ය ලේකම්වරු, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වැඩබලන ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා නිදහස් දින ෆ්ලයි පාස්ට් හි සමස්ත මෙහෙයුම් අණදෙන නිලධාරියා වූ අතර එයට බෙල් 212 හෙලිකොප්ටර් එකක්, බෙල් 412 හෙලිකොප්ටර් තුනක්, එම්.අයි. -17 හෙලිකොප්ටර් තුනක්, PT-06 පුහුණු ගුවන් යානා තුනක්, ‍Y-12 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා එකක්,  B200 නිරීක්ෂණ ගුවන් යානයක්, AN-32 බර ප්‍රවාහන ගුවන් යානා දෙකක්, K-8 උසස් පුහුණු ගුවන් යානා, F-7 ප්‍රහාරක ජෙට් ගුවන් යානා දෙකක් ඇතුලත් විය.

චාරිත්‍රානුකූල පාගමන අතරතුර භූමියේ සිටි සමස්ත මෙහෙයුම් අණදෙන නිලධාරියා භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න වූ අතර සමස්ත පෙළපාලිය සම්බන්ධීකාරක ලෙස භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ  VI වන මාණ්ඩලික නිලධාරී විංග් කමාන්ඩර් වසන්ත ලක්ෂ්මන් මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආධාරක අංග නියෝජනය කරන මෙම වසරේ යාන්ත්‍රික තීරුවට මිනිසුන් රහිත ගුවන් යානයක්, ගුවන් ආරක්ෂක පද්ධතියක්, අවි ආයුධ සහ විශේෂ ගුවන් හමුදා පැදි සංචිතයක් ඇතුළත් කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි