ගුවන් හමුදාධිපති අභියෝගතා මිත්‍රත්ව පාපන්දු කුසලාන තරගාවලිය කිලිනොච්චියේදී ආරම්භ විය
6:46pm on Tuesday 12th March 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය සමගාමීව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ නිළධාරීතුමන්ගේ සංකල්පය මත ගුවන් හමුදා පාපන්දු සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සුරේෂ් ප්‍රනාන්දු නිළධාරීතුමන්ගේ සම්බන්ධීකාරත්වයෙන් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදාධිපති අභියෝගතා මිත්‍රත්ව පාපන්දු කුසලාන තරගාවලිය 2024 පෙබරවාරි 10 වන දින කිලිනොච්චි උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ කරන ලදී.

ඒ අනුව FIFA නීති රීතිවලට අනුකූලව ශ්‍රී ලංකා පාපන්දු සමිමේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි වී ඇති උතුරු පළාත නියෝඡනය කරමින්  යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මඩු මන්තෙයි, පේදුරුතුඩුව, වවුනියාව, වඩමාරච්චි, වලික්කාමත්, අයිලන්ඩ්, පූනකරි සහ මුලතිව් යන දිස්ත්‍රික්ක/ප්‍රදේශයන්හී ක්‍රීඩා සමාඡ එකොළහක් (11) මෙම තරගාවලිය සදහා සහභාගී වීමට නියමිතව ඇත.

මෙම තරගාවලිය සංවිධානය කිරීම තුලින් උතුරු පලාතේ දක්ෂ යොවුන් පාපන්දු ක්‍රීඩකයින් හදුනාගෙන ඔවුන් ඡාතික තලයට ගෙන ඒම මූලික අරමුණ වේ. ගුවන් හමුදාධිපති අභියෝගතා මිත්‍රත්ව පාපන්දු කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග කිලිනොච්චිය උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණය සහ කන්කසන්තුරේ උතුරු නාවික බහු ක්‍රීඩා පිටියේ පැවැත්විමට  නියමිතව ඇති අතර අවසන් මහා තරගය 2024 මාර්තු මස මුල් සතියේදී යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි