නාවික නැව් සේවා ලංකා සමාගම ‘මිත්‍රත්වයේ පියාපත්’ සඳහා සහය ලබා දෙයි
8:21pm on Tuesday 12th March 2024
නාවික නැව් සේවා ලංකා සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සුජිත් ඩයස් මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව 'මිත්‍රත්වයේ පියාපත්' ප්‍රධාන ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර වශයෙන් ලබා දෙන ලදී. රුපියල් පන්ලක්ෂ පනස් දහසක මුල්‍ය පරිත්‍යාගය සනිටුහන් කරමින් සංකේතාත්මක චෙක්පත ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් සහ අධ්‍යාපන ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුවේ ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ මහතා වෙත 2024 පෙබරවාරි 13 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී භාර දෙන ලදී

මෙම සුවිශේෂී අවස්ථාවට ගෲප් කැප්ටන් උදාර අන්ද්‍රාදි සහ විංග් කමාන්ඩර් තාරක හේවාවැල්ලල සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි