‘73 වැනි ගුවන් හමුදාවේ සංවත්සරය’ සහ "Air Tattoo" අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය - 2024’ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව
2:51pm on Wednesday 20th March 2024
"73 වැනි ගුවන් හමුදා සංවත්සරය" සැමරුම සහ "Air Tattoo" අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය - 2024" සඳහා වූ මාධ්‍ය හමුව 2024 පෙබරවාරි 14 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 73 වන සංවත්සරය 2024 මාර්තු 02 වන දින අභිමානවත් ලෙස සැමරීමට කටයුතු සංවිධානය කර ඇත.එහි "ගුවන් හමුදා දිනය" දින දර්ශනයේ ප්‍රමුඛතම උත්සවය වනු ඇත. මෙවර සැමරුම් උත්සවය මාර්තු 01 වැනිදාට පෙර දින කැලණිය රජමහා විහාරස්ථානයේදී පවත්වනු ලබන “පිච්ච මල් පූජාවකින්” ග්වන් හමුධාදිපතිතුමන් සහ නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් සාමාඡිකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරේ. මීට අමතරව කතෝලික, ඉස්ලාම් සහ හින්දු ආගමික උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පසුගිය වසරවලදී කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ගුවන් හමුදා සංවත්සරය පැවැත්වූ අතර මෙවර ගුවන් හමුදා සංවත්සරය මිත්‍රත්වයේ පියාපත් උතුරුට යන තේමාව මුලික කරගනිමින්  පැවැත්වීමට තීරණය කර ඇත.මෙමගින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක 17 සමඟ සමපාත වන ගුණාත්මක අධ්‍යාපනය සහ පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.

 
මෙම මුලපිරීම යටතේ උතුරු පළාතේ උප ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව සහ මුලතිව් යන ප්‍රදේශවල සුදුසුකම් ලත් පාසල් 73 ක් සංවර්ධනය කිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් මිලියන 100 කි. මීට අමතරව රුපියල් මිලියන 25ක් ඇස්තමේන්තු කර ඇති “මගෙන් පොතක් උතුරට” වැඩසටහන යටතේ පාසල් සිසුන් සඳහා පොත් 73,000ක් පරිත්‍යාග කෙරේ. තවත් උප ව්‍යාපෘතියක් ලෙස උතුරු පළාතේ පැළ 73,000ක් සිටුවීමට කටයුතු යොදාගෙන ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව "ගුවන් හාමුද පාපැදි සවාරිය -2024" අඛණ්ඩව 25 වන වසරටත් පවත්වනු ලැබේ. මාර්තු 03 වැනිදා කොළඹින් ආරම්භ වී මාර්තු 07 වැනිදා යාපනයෙන් අවසන් වීමට නියමිත අතර පිරිමි තරගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර 650 ඉක්මවන අතර කාන්තා තරගය කිලෝමීටර් 100කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරයි.

ගුවන් හමුදාපති කුසලාන අභියෝගතා මිත්‍ර පාපන්දු තරඟාවලිය 2024 පෙබරවාරි 10 වන දින කිලිනොච්චි - උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ විය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය යටතේ ලියාපදිංචි උතුරු පළාත නියෝජනය කරමින් ක්‍රීඩා සමාජ 11ක් මෙම තරගාවලියට තරග වදියි. තරුණ දක්ෂ පාපන්දු ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන් ජාතික තලයට ගෙන ඒම මූලික අරමුණයි.

"Air Tattoo - 2024" අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය 2024 මාර්තු 06 සිට මාර්තු 10 දක්වා යාපනය මුට්ට්‍රෙව්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. උතුරු සහ දකුණු පළාත්වල රාජ්‍ය විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, පාසල් සමූහයක් මෙන්ම ව්‍යාපාරික ආයතන සහ තාක්ෂණික ආයතන ද මෙම ප්‍රදර්ශනයට එක්වෙති. පාසල් නිල ඇඳුමින් පැමිණෙන සිසුන්ට නොමිලේ ඇතුළුවීමට අවසර දී ඇත.

මෙම මාධ්‍ය හමුවට 2024 එයාර් ටැටූ අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුවේ ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ, යාල්පානම් CCIY හි විධායක අධ්‍යක්ෂ ටීවයි සුන්දරාසන් මහතා, (CCIY) හි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ අධිපති ආචාර්ය වී.කේ.විග්නේෂ් සහ ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ සහභාගී විය 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි