ගුවන් හමුදාධිපතිතුමන් සහ සිංගප්පූරු ගුවන් හමුදා ජනරජයේ ගුවන් හමුදා ප්‍රධානීතුමන් අතර හමුවක්
5:32pm on Wednesday 20th March 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 පෙබරවාරි 20 වන දින සිංගප්පූරුවේ දී සිංගප්පූරු ගුවන් සංදර්ශන - 2024 නිමිත්තෙන් සිංගප්පූරු ජනරජයේ ගුවන් හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් කෙල්වින් ඛොන්ග් මහතා හමුවිය.

ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව ගුවන් හමුදාපතිවරුන් දෙදෙනා සාකච්ඡා කළහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාපතිවරුන් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි