ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ සාමාජිකයින්ගේ පවුල්වල යහපැවැත්ම සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීමේ උපදේශන වැඩසටහනක් පවත්වනු ලබයි
5:34pm on Wednesday 20th March 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම සහ එකමුතුකම වැඩිදියුණු කිරීමේ අරමුණින් "ප්‍රීතිමත් පවුලක් සතුටින් සිටින ගුවන් හමුදාව" යන තේමාව යටතේ උපදේශන වැඩසටහනක් ෙ2024 පෙබරවාරි 20 වන දින පවත්වන ලදී. අණදෙන නිළධාරී එයාර් කොමදෝරු චන්දිම නිළධාරීතුමන්ගේ මගපෙන්වීමකට අනුව ගුවන් හමුදා කොළඹ කඳවුරේ බළලත් නිලධාරීන්ගේ සහ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන්ගේ භෝඡනාගාර කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිමත් සායනික මනෝවිද්‍යාඥයෙකු වන විංග් කමාන්ඩර් ආර්.පී.හලංගොඩ නිළධාරිතුමන් විසින් මෙහෙයවන ලදී.

මෙම උපදේශන වැඩසටහන සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ කලත්‍රයන් එකට එක් වූ අතර පිළිගැනීමේ කතාව අතරතුර, භෝඡනාගාර කමිටුවේ සභාපතිවරයා, ගුවන් හමුදාවේ තම ආදරණීයයන්ගේ සේවයට පහසුකම් සැලසීම සඳහා ඔවුන් කළ කැපකිරීම් අගය කරමින් ඔවුන්ගේ සහයෝගය සහ කැපවීම පිළිබඳව ඔවුන් හට සිය කෘතඥතාව පළ කළේය.

විංග් කමාන්ඩර් ආර්.පී. හලංගොඩ නිලධාරීතුමන්ගේ ප්‍රවීණත්වය සහ තීක්ෂ්ණ බුද්ධිය මගින් ආතතිය කළමනාකරණය කිරීම, සන්නිවේදනය වැඩිදියුණු කිරීම සහ පවුල් බැඳීම් ශක්තිමත් කිරීම සඳහා ප්‍රායෝගික උපාය මාර්ග ඉදිරිපත් කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි