ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් උතුරු පළාතේ “ඇඉර් ඨට්ටූ -2024” අධ්‍යාපනික සහ තාක්ෂණික ප්‍රදර්ශනය පවත්වයි
11:25pm on Sunday 14th April 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව "ඇඉර් ඨට්ටූ - 2024" අධ්‍යාපනික සහ තාක්ෂණික ප්‍රදර්ශනය උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය වන ගරු පිඑස්එම් චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනයේ මුට්ට්‍රෙව්ලි ක්‍රීඩාංගනයේදී 2024 මාර්තු 06 වන දින අභිමානවත් ලෙස විවෘත කරන ලදී. ගුවන් හමුදාධිපතිතුමන් වෙනුවෙන් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගන්නා ලදී.
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් උතුරු පළාතේ ඡනතාව සඳහා පවත්වනු ලබන ගුවන් යානා තාක්ෂණය පිළිබඳ ප්‍රථම අධ්‍යාපනික ප්‍රදර්ශනය මෙය සනිටුහන් වන අතර එය ගුවන් හමුදාව විසින් උතුරු පළාතේ සංවිධානය කරන ප්‍රථම ගුවන් සංදර්ශනය ලෙස ඉතිහාසයට එක්වනු ඇත. ගුවන් හමුදාව විසින් පැරෂුට් සංදර්ශන, සරඹ සංදර්ශන, මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් ආදර්ශන, සුනඛ සංදර්ශන, සංස්කෘතික සංදර්ශන සහ තවත් බොහෝ දේ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ. මීට අමතරව, සංගීත ප්‍රසංග සහ ව්‍යවසායකයින්ට පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසන වෙළඳ ප්‍රදර්ශනයක් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සැමගේ විනෝදාස්වාදය සඳහා  ඉදිරිපත් කරන ලදී.

2024 මාර්තු 6 වන දින සිට 10 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තාක්ෂණික හා අධ්‍යාපනික ප්‍රදර්ශනය සඳහා රඡයේ විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයට අනුබද්ධ ව්‍යාපාරික ආයතන මෙන්ම රජයේ කෘෂිකාර්මික සහ තාක්ෂණික ආයතන කාර්මික ප්‍රදර්ශනය සඳහා සහභාගී වී ඇත. ප්‍රදර්ශනය සඳහා විවිධ ආයතනවල දායකත්වය ප්‍රදර්ශනය කරමින් ප්‍රදර්ශන කුටි 200කට අධික ප්‍රමාණයක් සකසා ඇත. මෙම සංකල්පය පිටුපස සිටින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ නිළධාරීතුමන් විසින් "ඇඉර් ඨට්ටූ - 2024"  සඳහා සැලකිය යුතු අවධාරනයක් ලබා දී ඇති අතර, අනාගත ගුවන් හමුදාව තුළ 'ඇතුළත් කිරීම' ඉහළ නැංවීමේ දී එහි ඇති ප්‍රමුඛතම වැදගත්කම ඉස්මතු කරයි. තවද, ගුවන් හමුදාවේ සාමාජිකයින් වීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට ඕනෑ තරම් අවස්ථාවන් ලබා දෙමින් තරුණ ප්‍රඡාව ඉලක්ක කර ගනිමින් බඳවා ගැනීමේ වැඩසටහනක්ද මෙහිදී සිදුකරන ලදී. මෙම කෙටි කාලසීමාව තුළ පැවැත්වෙන මූලික සම්මුඛ පරීක්ෂණ සඳහා පහසුකම් සැලසීම සඳහා කැපවූ බඳවා ගැනීමේ කුටියක් ස්ථාපිත කර තිබීම විශේෂත්වයකි. තාක්ෂණික හා අධ්‍යාපනික ප්‍රදර්ශනය සඳහා නොමිලේ සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාසල් නිල ඇඳුමින් සැරසුණු සිසුන්ට ප්‍රශංසනීය ආරාධනයක් කර ඇත.

සමාරම්භක උත්සවයට "ඇඉර් ඨට්ටූ - 2024" සංවිධායක කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ, ගුවන් හමුදා කළමනාකාරීත්ව මණ්ඩලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි