ගුවන් හමුදා සීගිරිය කඳවුරේ වාර්ෂික පරීක්ෂණය
9:37am on Wednesday 29th June 2011
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ගුවන් හමුදා සීගිරිය කඳවුරේ වාර්ෂික පරීක්ෂණය ජූනි මස 24 වන දින උදෑසන සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් චමින්ද සිල්වා විසින් ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී. තවද මෙහිදී සම්මාන මුර පෙළපාලියක්ද පැවැත්විණි.

කඳවුරු පරීක්ෂණය අතරතුර ගුවන් හමුදාපතිතුමා නිළධාරි නිවාඩු නිකේතනය, ඒකක මූලස්ථානය, මෑතකදී වායුසමනය කරන ලද කෝප්‍රල්වරුන්ගේ හා ගුවන්භටයින්ගේ සමාජ ශාලාව හා භෝජනාගාරය, පුපුරන ද්‍රව්‍ය පුහුණු ප්‍රදේශය, සුභසාධන වෙළඳසැල යන ස්ථානයන්හි සංචාරක නිරත විය. එසේම ගුවන් හමුදා සේවා වනිතා ඇගලුම් කර්මාන්ත ශාලාව පිරික්සුමට අමතක කළේ නැත.

තවද සියළු නිළයන්ගේ දිවා ආහාර වේලක් හා ගුවන් හමුදාපතිතුමාගේ කථාවක්ද පැවැත්විණි. 





මහාඔය නිරික්ශණය කරමින්


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි