'Air Tattoo 2024' තාක්ෂණික සහ අධ්‍යාපනික ප්‍රදර්ශනයේ දෙවන දිනය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
11:39pm on Sunday 14th April 2024
Air Tattoo 2024' තාක්ෂණික සහ අධ්‍යාපනික ප්‍රදර්ශනයේ දෙවන දිනය 2024 මාර්තු 07 වන දින යාපනයේ මුට්ට්‍රවේලි ක්‍රීඩාංගනයේදී ඡනතාවට දොරගුළු විවර කරමින් ආරම්භ විය.

මෙම උත්සවයේ දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගි වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

ප්‍රදර්ශනය අතරතුර, ගුවන් හමුදාධිපතිතුමන් අනාගත ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.මෙම උත්සවය සඳහා යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ අධිපති ටී.වයි සුන්දරාසන් මහතා, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී , ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, අනෙකුත් ආරාධිතයින් සහ  පාසල් සිසුන් පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි