ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය සිදුකරයි
8:40pm on Tuesday 7th May 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 වර්ෂය සඳහා ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්ෂණ 2024 මාර්තු 28 වන දින මුලතිව් ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. .

අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩීජීපීඑල් ජයතිලක  විසින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගන්නා ලද අතර,  උත්සවාකාර ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදී.

පරීක්‍ෂණය ආරම්භ වූයේ කඳවුරු මූලස්ථානයෙනි. ඉන් අනතුරුව, පරීක්‍ෂණය අතරතුර, ගුවන් හමුදාධිපතිතුමන්ගේ කඳවුරේ සියලුම ප්‍රදේශවලට ගොස් නිලධාරීන් සමඟ ඔවුන්ගේ කටයුතු පිළිබඳව සාකච්ඡා කළේය.

අවසාන වශයෙන්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියලුම නිළයන් ඇමතූ අතර, එහිදී ඔවුන් ජාතියට සහ ගුවන් හමුදාව වෙනුවෙන් ඔවුන් කැප කළ සේවාවන්ට ස්තූතිය පුද කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි