ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර රත්මලාන කදවුරේ අංක 02 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය 35 වැනි සංවත්සරය සමරයි.
8:56pm on Tuesday 7th May 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 02 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය  2024 අප්‍රේල් 02 වන දින සිය 35 වැනි වසර අභිමානවත් ලෙස සමරන ලදී. 1989 අප්‍රේල් 02 වැනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේදී ගුවන්විදුලි වැඩමුළුව ලෙස ආරම්භ කරන ලද මෙම පක්‍ෂාංගය පසුව 1991 වසරේදී විංග් කමාන්ඩර් අජිත් ජයසේකර නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් 1 වන අණදෙන නිලධාරියා ලෙස ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂාංගය දක්වා උසස් කරන ලදී. මේ වන විට පක්ෂාංග‍යේ 10 වැනි අණදෙන නිලධාරී ලෙස ගෲප් කැප්ටන් සමීර ලංකාතිලක කටයුතු කරනු ලබයි.

රත්මලාන අන්ධ හා බිහිරි විද්‍යාලයේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් සමඟින් සංවත්සර උත්සවයේ කටයුතු ආරම්භ විය.

චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය 2024 අප්‍රේල් 02 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු පෙළපාලිය චතුරශ්‍රයේ දී පවත්වන ලද අතර එය අණදෙන නිළධාරී විසින් සමාලෝචනය කරන ලදී. අණදෙන නිළධාරී විසින් පෙළපාලිය ඇමතූ අතර, එහි අතීත සාමාජිකයින්ගේ කැපකිරීම් යටතේ වසර 35 ක් තිස්සේ පරිණත වී හොඳින් අත්දැකීම් ලබා ඇති බව සැමට සිහිපත් කළේය. දැනට සිදුකරනු ලබන වටිනා සේවාව ඉදිරියටත් කරගෙන යන ලෙස ද ඔහු පක්ෂාංගයේ සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලද අතර සංවත්සර සැමරුමට සමගාමීව පෙළපාලියෙන් අනතුරුව අත්තිඩිය ධර්මාශෝක විහාරස්ථානයේ දී බෝධි පූජා පිංකමක් ද පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි