අන්තර් ඒකක ට්‍රයිතලන් ශූරතාව - 2024
9:36pm on Tuesday 7th May 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා ජල ක්‍රීඩා සංචිතය විසින් සංවිධානය කරන ලද අන්තර් ඒකක ට්‍රයිතලන් ශූරතාවලිය - 2024 අප්‍රේල් 07 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා  චීන වරාය විද්‍යාපීඨයේ පිරිමි සහ කාන්තා ට්‍රයිතලන් කණ්ඩායම් තරඟාවලියේ අනෙකුත් තරඟකරුවන්ට එරෙහිව තරඟ ඉසව්වලින් දස්කම් දක්වමින් ශූරතා දෙකම ලබා ගැනීමට සමත් විය. 2024 සැප්තැම්බර් 13 වැනි දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අන්තර් ඒකක පිහිනුම් හා ජල පන්දු ශූරතාවලියෙන් පසුව සම්මාන පිරිනැමීමේ උත්සවය පැවැත්වේ.

ප්‍රථිපල සාරාංශය

තනි පුද්ගල ජයග්‍රාහකයින් - පිරිමි

රන් පදක්කම - කෝප්‍රල් නුවන් කුමාර ඒඩීඑල්එන් (ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව)
රිදී පදක්කම- ගුවන භට චතුරංග (ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල)
ලෝකඩ පදක්කම - කෝප්‍රල් ලේකම්ගේ (ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය)

තනි ජයග්‍රාහකයින් - කාන්තා

රන් පදක්කම - නායක ගුවන් කාන්තා අමරසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව)
රිදී පදක්කම - නායක ගුවන් කාන්තා වීරසූරිය  (ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය)
ලෝකඩ පදක්කම - නියමු නිලධාරී මදිවක (ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර)

සමස්ත ජයග්‍රාහකයින් - පිරිමි

ශූරතාවය- ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය
අනුශූරතාව -ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර

සමස්ත ජයග්‍රාහකයින් - කාන්තා

ශූරතාවය- ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය
අනුශූරතාව -ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි