හීරෝ කුසලාන මල්ලව පොර තරගාවලියේ ජය ගුවන් හමුදාවට...
4:25pm on Monday 18th July 2011
පස්වන වතාවටත් සංව්ධානය කල  හීරෝ කුසලාන මල්ලව පොර තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකිවිය.

පසුගිය ජුලි 10 වෙනි දින වනාතමුල්ල එන් එම් පෙරේරා ක්‍රීඩා සමාජ ශාලාවේදී පැවති මෙම තරගාවලියේදී රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 09 සහ ලෝකඩ පදක්කම් 12ක් ලබා ගනිමින් විශිෂ්ඨ දස්කම් දැක්වීමට ගුවන් හමුදා මල්ලව පොර ක්‍රීඩකයින් සමත්විය.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික සංඛ්‍යාවක් සහභාගී වු අතර තරගාවලියේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ජනාධිපති සහකාර ලේකම් සේපාල රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි