ආධුනික සෙබළුන් 409 දෙනෙකු සාර්ථක පුහුණුවකින් පසු ගුවන් හමුදාවට එක්වෙයි.
6:03pm on Friday 12th February 2010
අංක 143 නිත්‍ය අධුනික ගුවන් භට සහ අංක 101 ස්වෙච්චා ආධුනික  ගුවන් භට පාඨමාලවට අයත් ආධුනික ගුවන් භටයින් 409 දෙනෙකු හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේදී අද (12) දින විසිර ගියහ.

සති 18 ක සැලසුම්ගත කාලයක් තුල මෙම පාඨමාලාවේදී ගුවන් හමුදා සේවා පුද්ගලයකුට අවශ්‍ය සුපරික්ෂාකරී  හා විනය ගරුක පුද්ගලයෙක් බවට පත් කිරීමට අවශ්‍ය දැනුම ලබා දෙනු ලැබේ. මූලික ගොඩබිම් සටන් පුහුණුවත්,සාමාන්‍ය සේවා විෂයන් මෙන්ම මූලික අවබෝධය ලබා දීම මෙන්ම මෙම පාඨමාලාවේ අභිප්‍රායන් ලගා කර ගැනීම සදහා සරඹ, අවි පුහුණුව, ක්ෂේත්‍ර ශිල්පය, යුධ උපක්‍රම, සිතියම් කියවීම, ගුවන් හමුදා නීතිය, ගුවන් හමුදා පරිපාලනය සහ සංවිධානය පිළිබදව මනා පුහුණුවක්ද පුපුරණ ද්‍රව්‍ය, ගිණි නිවාරනය, මානව හිමිකම් සුරකීම සහ ප්‍රථමාධාර පිලිබදව අවශ්‍ය දැනුමද ඔවුන්ට ලබා දී ඇත.

මෙම විසිරයාමේ පෙළපාලිය නැරඹීම සදහා අති විශාල ජනකායක් දිවයිනේ නන් දෙසින් පැමිණ සිටි අතර ඔවුන් සතුටට පත් කරමින් ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායම ඉදිරිපත් කරන ලද පැර්ෂුට් සංදර්ශණය සහ විසිර යන ගුවන් භටයින් ඉදිරිපත් කරන ලද පා සරඹ,අවි සරඹ,යවුල් සරඹ,සහ මනරම් තූර්යවාදන සංදර්ශණය විශ්මය ජනක විය.

විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස දන්ත සේවා අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ඒ.ඒ.එම්.බී අමුණුගම සහභාගි විය.මෙම පෙළපාලියේ අණදෙන්නා ලෙස පුහුණු පක්ෂාංගයේ  ප්‍රධාන උපදේශක ආධුනික පුහුණු ස්කොඩ්‍රන් ලීඩර් ජිනේන්ද්‍ර රණසින්හ කටයුතු කල අතර පෙළපාලියේ විධායක  නිළධාරී ලෙස ප්යිලට් ඔෆිසර් උදය කුමාර මෙන්ම පෙළපාලි බලලත් නිලදාරී ලෙස බලපන්ති සැරයන් කරුණාරත්න කටයුතු කරන ලදී.

මෙම සියළු පුහුණු කටයුතු අවසානයේ ඔවුන් තම මාතෘ භූමියට කාර්යක්ෂම පිහුණුවකින් හෙබි ගුවන් භටයින් ලෙස අභීතව සේවය කිරීමට හැකි ආත්ම විශ්වාසයක් හා ආත්ම අභිමානයකින් යුතුව අද දින විසිර යනු ඇත.


Recruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF HingurakgodaRecruits passing out in SLAF Hingurakgoda



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි