ඉවුම් පිහුම් කලා ප්‍රදර්ශනය - 2010
2:34pm on Monday 15th February 2010
ශ්‍රී ලංකා ප්‍රධාන අරක්කැමියන්ගේ සංගමය සංවිධානය කළ ලංකාවේ විශාලතම ඉවුම් පිහුම් උත්සවය වන ඉවුම් පිහුම් කළා උත්සවය 2010 බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණි

    මේ සඳහා ලංකාව පුරා විසිරී සිටිනා හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ තම දක්ෂතා ඉදිරිපත් කිරීමට තරග වැදුනු අතර ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පමණක් අභියෝගය භාර ගැනිමට ඉදිරිපත් වීය.08 දෙනෙකුගෙන් සමන්විත වු ගුවන් හමුදා කණ්ඩායම තරඟ 31 න් තරඟ 06 කට පමණක් ඉදිරිපත් වු අතර එහිදී රන් පදක්කම් 01 ක් ද රීදි පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 01ක් දිනාගත් අතර කුසලතා සහතිකයක්ද ඒ අතරට එක්කර ගන්නා ලදී.

ගුවන් හමුදාවට කීර්තියක් ගෙනදුන් සේවා පුද්ගලයින් පහත පරිදි වේ.

නිලය                           නම                           තරග ඉසව්ව              පදක්කම්
 

සැරයන්               ප්‍රියන්කර ලංකා කේ කේ   එළවලූ කැටයම් කිරිම           රන්
බලපන්ති සැරයන් මාරසිංහ එම් එස්               එළවලූ කැටයම් කිරීම           රිදි
සැරයන්               ප්‍රියන්කර ලංකා කේ කේ   අයිස් කැටයම් කිරීම              රිදී
කෝප්‍රල්              ජයවික්‍රම එන් එස්              කොක්ටේල් තරඟය             රිදි

සැරයන් රත්නායක ආර් එම් එස් කේ කලාත්මක බේකරි නිෂ්පාදන සදහා කුසලතා සහතිකය
හිමි කරගන්නා ලදි.

ඉවුම් පිහුම් කලා ප්‍රදරශනය - 2010 ඉවුම් පිහුම් කලා ප්‍රදරශනය - 2010ඉවුම් පිහුම් කලා ප්‍රදරශනය - 2010ඉවුම් පිහුම් කලා ප්‍රදරශනය - 2010ඉවුම් පිහුම් කලා ප්‍රදරශනය - 2010ඉවුම් පිහුම් කලා ප්‍රදරශනය - 2010ඉවුම් පිහුම් කලා ප්‍රදරශනය - 2010ඉවුම් පිහුම් කලා ප්‍රදරශනය - 2010ඉවුම් පිහුම් කලා ප්‍රදරශනය - 2010

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි