පළමු පෙළ ප්‍රිමියර් ලීග් තරඟාවලිය 2011
4:50pm on Thursday 18th August 2011
ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු පෙළ ප්‍රිමියර් ලීග් තඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. මෙම තරඟය අගෝස්තු 15 වන දින කෝල්ට්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේදී අපරාජිත ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කෝල්ට්ස්, සදර්න් ලේඩිස්, නාරම්මල හා කොළඹ ක්‍රීඩා සමාජ පරාජය කරමින් අවසාන මහා තරඟයේදී කොළඹ පාර්ලින්ක්ස් කණ්ඩායම සමඟ තරඟ වැද ශූරතාවය දිනා ගන්නා ලදී.

අවසාන මහා තරඟයේදී ගුවන් හමුදාවේ චමරි සෙනවිරත්න ලකුණු 21ට කඩුළු හතරක් බිඳ හෙලීමට සමත් වූවාය. පාර්ලින්ක්ස් කණ්ඩායමට තම පන්දු වාර 50 අවසානයේදී ලබාගත හැකි වුයේ කඩුළු අටක් දැවී ලකුණු 129ක් පමණි.

පාර්ලික්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ ප්‍රතිහරඹයක නිරත වූ නිරෝෂා වික්‍රමසිංහ සහ චානිකා නිලුක්ෂි පිළිවෙලින් ලකුණු 44, 38 ලබා ගන්නා ලදී. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුවන් හමුදා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වන චමරි අතපත්තු ලකුණු 37, නොදැවී ක්‍රීඩා කළ චමරි පොල්ගම්පොළ සහ දිලානි මනෝදර ලකුණු 35 බැගින් ලබා ගන්නා ලදී. පන්දුවාර 29ක් අවසානයේදී කඩුළු හතක් දැවී තරඟය ජය ගැනීමට ගුවන් හමුදා කණ්ඩායමට හැකි විය.

ගුවන් හමුදා විධායක ක්‍රීඩා නිළධාරි එයාර් කොමදෝරු හර්ෂ ප්‍රනාන්දු, ගුවන් හමුදා ක්‍රිකට් සංචිතයේ සභාපති එයාර් කොමදෝරු සංජක විජේමාන්න, ගුවන් හමුදා ක්‍රිකට් සංචිතයේ ලේකම් විංග් කමාණ්ඩර් මිගාර පෙරේරා, ගුවන් හමුදා ක්‍රිකට් සංචිතයේ සහකාර ලේකම් බළඝණ නායක සුරේෂ ජයසිංහ ඇතුළු ගුවන් හමුදා සමාජිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගීවීම විශේෂත්වයකි.       



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි