දියතලාවේ පුහුණුව ලැබූ ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් 633 විසිර යයි....
12:13pm on Monday 12th September 2011
දියතලාව ගුවන් හමුදා පුහුණු පාසලේ පුහුණුව ලැබූ අංක 149 නිත්‍ය ගුවන් භට පාඨමාලව, අංක 106 සුවේචා ගුවන් භට පාඨමාලාව, අංක 23 නිත්‍ය ගුවන් කාන්තා පඨමාලාව හා අංක 08 ඍජුවම බඳවාගත් ගුවන් කාන්තා පාඨමාලාවේ 633 දෙනෙකු පසුගිය සැප්තැම්බර් මස 02 වන දින දියතලාව ගුවන් හමුදා කඳවුරේ දී විසිර ගියහ. විසිර යාමේ පෙළපාළිය දියතලාව ගුවන් හමුදා කඳවුරේ අවි හා පා සරඹ පිටියේදී පැවැත්වුණු අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඒ.එම්.ඞී. සොයිසා මහතා සහභාගී විය. කඳවුරු අණදෙන නිළධාරී වශයෙන් ගෲප් කපිතාන් ජනක අමරසිංහ සහභාගී විය.

සති දහ අටක පමණ කාලයක් පුරාවට දියතලාව ගුවන් හමුදා කඳවුරේදී තම මූලික ගොඩබිම් සටන් පුහුණු පාඨමාලාව හැදෑරූ මොවුහු ඒ වෙහෙසකර වූත් දැඩිවූත් පාඨමාලාවේ අවසානය මෙසේ පසුගිය 02 වන දින සටහන් කරන ලදී. එසේම තම කැපවීම උපරිමයට වැය කරමින් විඩාව නොසලකා ලැබූ පුහුණුවේ මතකයන් ඔවුන්ට විටෙක සුන්දර හො විටෙක අසුන්දර වන්නට ඇත. මෙම පාඨමාලාව තුළින් අවි හා පා සරඹ, අවි පුහුණුව, ක්ෂේත‍්‍ර පුහුණුව,  සැඟවීම සහ වෙස් වලා ගැනීම, සිතියම් කියවීම, ගුවන් හමුදා නීතිය, ගුවන් හමුදාවේ සංවිධානය හා පරිපාලනයප පිළිබඳ මනා අවබෝධයක් පුහුණු වන්නන්ට ලබා දෙන ලදී. එසේම ප‍්‍රථමාධාර  හා මානව අයිතිවාසිකම් පිළිබඳව දැනුමක්ද මෙවුන් හට ලබා දී තිබේ.

මෙසේ තම පුහුණුව සාර්ථකව නිම කරන ලද මොවුහු දැඩි අධිෂ්ඨානයකින් යුතුව තම අනාගතයට මුහුණු දීමට සැදී පැහැදී සිටිනු ඇති බවට අපට කිසිදු සැකයක් නැත. ඒ වෙනුවෙන් මෙසේ තම පුහුණුව සාර්ථකව නිම කර අනගතය විවිර කරගන්නා, රණවිරුවෙකු ලෙසින් ලොවට මුහුණු දෙන්නට සූදානම් වන්නා වූ ඔවුන් සියල්ලටම අපි, අපගේ උණුසුම් සුභ පැතුම මෙලෙස සටහන් කරමු.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි