ජාතික ඔරු පැදීමේ තරඟාවළියේදී ගුවන් හමුදාවෙන් විශේෂ දක්‍ෂතා...
9:01am on Tuesday 4th October 2011
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඔරු පැදීමේ කණ්ඩායම 27 වෙනි ජාතික ඔරු පැදීමේ තරඟාවළියේදී විශේෂ දක්‍ෂතා දක්වන ලදී. මෙවර ලබා ගත් ජයග‍්‍රහණයන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඔරු පැදීමේ කන්ඩායම වසර අටක ඉතිහාසයේදී ලබාගත් විශිෂ්ඨතම ජයග‍්‍රහණය වෙයි.

මෙවර තරඟාවළියේදී පිරිමි විවෘත අංශයෙන් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් ජයග‍්‍රහණය කරන්නට ගුවන් හමුදා ක‍්‍රීඩකයෝ සමත්කම් දක්වන ලදී.

මෙවර තරඟාවළිය පසුගිය සැප්තැම්බර් මස 17 වෙනි දින බොල්ගොඩ දී පවත්වන ලදී. මෙහිදී ගුවන් හමුදා පිරිමි ඔරු පැදීමේ කණ්ඩායම එම අංශයේ ශූරතාවය දිනා ගනිමින් ගැරී ද සිල්වා ශූරතාවයට හිමිකම් කියන ලදී.

එසේම වයස අවුරුදු 19 න් ඉහල පිරිමි විවෘත ශූරතාවයට පිරිනැමෙන මේජර් ජෙනරාල් පර්සි ප‍්‍රනාන්දු අනුස්මරණ කුසලානයට ද හිමිකම් කියන්නට ගුවන් හමුදා ක‍්‍රීඩකයෝ සමත් වූහ.


ගුවන් හමුදා කණ්ඩායම ජයග‍්‍රහණය කරන ලද පිරිමි විවෘත අංශයේ තරඟයක ජයග‍්‍රහණය
සනිටුහන් කරනු ලැබුවේ ජායාරූප හා වීඩියෝ පට ආධාරයෙනි. එතරම්ම තියුණු මුහුණුවරක්
ගනු ලැබූ එම තරඟය ගුවන් හමුදාව ජයග‍්‍රහණය කරනු ලැබුවේ තත්පර භාගයකිනි.

ගුවන් හමුදා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රිෂාන් ප‍්‍රනාන්දු මහතා කටයුතු කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි