ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල මගින් ලෝක ගුරු දිනය සමරයි
11:22am on Tuesday 1st November 2011
ලෝක ගුරු දිනය සමරමින් ඊට සමගාමීව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල කඳවුරේ වෘත්තීය පුහුණු පාසල මගින් ගුරු උපහාර උළෙලක් පසුගිය ඔක්තෝම්බර් මස 06 වන දින ඒකල ගුවන් හමුදා කඳවුරේදී පැවිත්විණි.

වෘත්තීය පුහුණු පාසලේ පුහණුව ලබන පුහුණු වන්නන් විසින් තම ගුරුවරුන් හට උපහාර පිදීම මෙලස සුදු කරන ලද අතර එසේම ගුරුවරුන් වෙත සම්ප‍්‍රදායානූකූළව බුලත් හුරුළු පිළිගන්වා, ගුරු උපහාර ගී තුනකින් හා පුහුණුවන්නකු විසින් ඉදිරිපත් කරන ලද ගුරු උපහාර කථාවකින්ද මෙම උත්සවය සමන්විත විය. එසේම සුමිහිරි බටනළා වාදනයකින් හා කෙටි වේදිකා නාට්‍යයකින්ද මෙම උපහාර උළෙල වර්ණවත් කරන්නට සමත් කම් දක්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල කඳවුරේ අණදෙණ නිළධාරී ගෲප් කැප්ටන් ලක්සිරි ගුණවර්ධන මෙම උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. එහිදී අණදෙන නිළධාරීතුමන් සභාව අමතා ප‍්‍රකාශ කරන ලද්දේ පහුණුවන්නන් විසින් සිදුකරන ලද මෙම ක‍්‍රියාවළිය, සමස්ථ ගුවන් හමුදාව වෙනුවෙන්ම තමන් විසින් අගයනු ලබන බවත් මෙවන් ක‍්‍රියාවලීන් ගුවන් හමුදාවේ පැහැබර අනාගතයක් පෙන්නුම් කරනු ලබන බවත්ය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි