අපේක්ෂා පෙර පාසල් විවිධ ප්‍රසංගය 2011
3:06pm on Wednesday 14th December 2011
සැබවින්ම දක්ෂතා වලින් පරිපූර්න කුඩා දරු දැරියන්ගේ නැටුම් ගැයුම් වලින් පරිපූර්න වර්ණවත් විවිධ ප්‍රගංගයක නිමාව සනිටුහන් කිරීමට මොරවැව 10 කණුව පෙර පාසල් දරු දැරියන් සමත් විය.

පෙර පාසල් නිමා වී පාසල් යාමට පය තබන මොහොතේ මොවුන් විසින් උගත් දේ ක්‍රියාවට නංවමින් ඉදිරිපත් කල ක්‍රියාකාරකම් පැමොන සිටි සියළුම දෙමාපියන්ගේ මහත් වූ සතුටට හේතු විය.

ගුවන් හමුදා මොරවැව ඒකකයේ අණදෙන නිලධාරී විංග් කමන්ඩර් සී ජේ බටගොඩ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර"අපේක්ෂා" පෙර පාසල 2009 වර්ෂයේ මොරවැව ඒකකයේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන ගිය අතර දැනට මෙහි දරුවන් 11 සමන්විත වේ.


 



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි