වීරවිල කඳවුර වාර්ෂික සුහද හමුවක් සහ ළමා සාදයක් සංවිධානය කරයි.
4:27pm on Friday 30th December 2011
වීරවිල කඳවුරු අණදෙන ගෲප් කැප්ටන් එම්ඩීජේ වාසගේ ගේ මග පෙන්වීම යටතේ පසුගිය දෙසැම්බර් මස 24 වන දින වාර්ෂික සුහද හමුවක් සහ ළමා සාදයක් සංවිධානය කරනු ලැබීය.

සුහද හමුව සහ ළමා සාදය සඳහා කොග්ගල කඳවුරේ සේවය නියුතු සියළුම සේවා හා සිවිල්  පුද්ගලයින්, ඔවුන්ගේ දරුවන් සහභාගී විය. කුඩා දරුවන් වෙනුවෙන් විවිධ ක‍්‍රීඩා හා විනෝදාත්මක අංග රැසක් පවත්වන ලදී. එහිදී සුනඛ සංදර්ශනයක්, කතුරු ඔංචිල්ලා, මෙරිගෝ රවුන්ඞ්, පුංචි කෝච්චි සවාරි ආදී නොයෙකුත් ක‍්‍රීඩා අංගයන්ද පවත්වන ලදී.එසේම නත්තල සංකේතවත් කරමින් නත්තල් සීයාගේ පැමිණීම කුඩා දරු දැරියන් ගේ පී‍්‍රති ප‍්‍රමොදයට පත් වු අවස්ථාවක් විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි