ගුවන් හමුදා මොරවැවකඳවුරේ වාර්ෂික පරීක්ෂණය 2012
10:01am on Monday 9th July 2012
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ජූලි මස 05 වන දින ගුවන් හමුදා මොරවැව කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එච් ඩබ් ආර් චන්දිම විසින් කදවුරු පරිෂ්‍රයට ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී.අනතුරුව කදවුරු පරිශ්‍රයම ආවරනය වන පරිදි ගුවන් හමුදාපති තුමන්ගේ වාර්ෂික පරීක්ශනය පැවැත් වූ අතර ,මෙම පරීක්ෂණය අතරතුරේදී ඉතා කෙටි කලකින් නිලධාරි භෝජනාගාරය  ඉදිකිරිම සම්බන්ධයෙන් ප්‍රශංසාව පලකරන ලදී.

පරීක්ෂනය අතරතුරේදී ගුවන් හමුදාව වෙනුවෙන් පසුගිය වර්ෂය තුල කල විෂිශ්ඨ සේවාව අගයමින් බලලත් නිලධාරි වරයකු, ජේෂ්ඨ අධිකාරි නොලත් නිලධරීන් තිදෙනෙකු හා එක් කණිෂ්ඨ අධිකාරි නොලත් නිලධාරි වරයකු ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.වාර්ෂික පරීක්ෂනය අවසානයේ නිලධාරින් හා සෙසු නිලයන් අමතා ඔවුන්ගේ සේවයට ස්තුති පූර්වක කතාවක්ද පවත් වන ලදී.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි