විශ්‍රාම යාමට නියමිත නාවික හමුදාධිපති ගුවන් හමුදාධිපති හමුවේ
12:11pm on Tuesday 25th September 2012
විශ්‍රාම යාමට නියමිත නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක විශ්‍රාම යාමට පෙර ගුවන් හමුදාධිඅති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම අද උදෑසන (2012 සැප්තැම්බර් 21) ගුවන් හමුදා මූලස්ථානයේදී හමුවිය.

ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයට පිවිසි නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් රෝහිත ප්‍රනාන්දු විසින් පිලිගත් අතර ගෞරව සම්මාන මුරයක් ද පිරිනමන ලදී.

ගුවන් හමුදාපති
එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම නාවික හමුදාපතිව උණුසුම්ලෙස පිළිගත් අතර සුහද කතබහක ද නිරත විය.අනතුරුව දෙපාර්ෂවයෙන්ම මෙම හමුව සිහිපත් වීම පිනිස පලක හුවමාරු කරගත් අතර ශ්‍රී ලංකා අහස් කුස ප්‍රථම වතාවට සිපගත් ඓතිහාසික ගුවන් යානය වන "Havilland 82 Tiger Moth" ගුවන් යානයේ අනුරුවක් නාවික හමුදාධිපති තුමන් හට ප්‍රධනය කෙරෙනු අතර,නාවික හමුදා නිලධරින්ගේ අසිපතෙහි අනුරුවක්  ගුවන් හමුදාධිපති තුමන් හට ප්‍රධානය කිරීමෙන් අනතුරුව සමරු සටහනක් තබන ලදී.

තවද ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී,ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරී ද විශ්‍රාම යාමට නියමිත නාවික හමුදාපති තුමන් හට සුභ පතන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි