ලෝක වෙලද මධ්‍යස්ථානයේ හදිසි ගිනි නිවාරන පුහුණුවක්
10:53am on Saturday 29th September 2012
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවාරණ අංශය,කොලඹ ගී වාරන ඒකකය හා රතු කුඑඋස සංගමය එක්ව අද සන්ධ්‍යාවේදී ලෝක වෙලද මද්‍යස්ථාන ගොඩනැගිල්ලේ හදිසි ගිනි ගැනීමකදී ක්‍රියා කලයුතු ආකාරය පිළිබදව පුහුණුවක් එම ගොඩනැගිල්ලේ සේවයේ නියුතු 5000 අදික පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

එම ආයතනයේ සේවය කරන පුද්ගලයන් හට හදිසි අවස්ථාවකදී ක්‍රීයා කලයුතු අකාරය පිළිබද දැනුවත් කිරීම මෙම පුහුනු වැඩසටහනේ අරමුන
වූ අතර පලපුරුදු ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් 43 සමන්විත කන්ඩායමක් මෙම පුහුණුව සදහා එක් විය.ගුවන් හමුදා ගිනි නිවාරන ඒකක්යේ අනදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් සී පී හෙට්ටිආරච්චි විසින් මෙම පුහුනු වඩසටහන මෙහෙය වන ලදී.

මෙහිදී පහල මහල වල සිටින් පුද්ගලයින් හට 'ජම්පින් ශීට්' නම් වූ වායූ මෙට්ටයකට පැනීම් කල අතර ඉහල මහල වල පුද්ගලයින් 'සේෆ්ටි රෝප්'නම් වූ කඹ ආධාරයෙන් මුදවා ගැනීම් සිදු කරන ලදි.එසේම 'ස්කයි ලිෆ්ට් බ්‍රොන්කෝ'නම් වූ ගිනි නිවීමේ පුද්ගලයින් බේරා ගැනීමට හැකියාව ඇති එසවිය හැකි වාහනයක්ද මේ සදහා යොදා ගන්නා ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි