නව කදවුරු මූලස්තාන ගොඩනැගිල්ලක් ගුවන් හමුදා මඩකලපුව කදවුරේදී විවෘත කෙරේ
10:29pm on Wednesday 7th November 2012
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ශ අබේවික්‍රම මහතාගේ මග පෙන්වීමට අනුව මඩකලපුව කදවුරට නව මූලස්තාන ගොඩනැගිල්ලක් පසුගියදා කදවුරු අනදෙන නිලධාරි විංග් කමාන්ඩර් ඩබ් එම් ඒ බී වැවේගම විසින් අස්‍රව ආගමික වතාවත් හා අශිර්වාද මධ්‍යයේ විවෘත කරන ලදී.

මෙම නව ගොඩනැගිල්ල නිලධාරී සංකීර්නයක්, සම්මන්ත්‍රන ශාලාවක්, අමුත්තන්ගේ මැදිරියක්, කදවුරු විනය කාර්යාලකින් හා සිවිල් පරිපාලන කාර්යාලයකින් සමන්විතය.මෙම අවස්ථාව සදහා කදවුරේ සියළුම නිලධාරීන් හා සෙසු නියන් මෙන්ම සිවිල් සේවක මහත්ම මහත්මීන්ද එක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි