සැපයුම් වෘතීකයන් සිය උසස් පුහුණු පාඨමාලාව සර්තකව නිමා කරයි
11:40am on Wednesday 21st November 2012
අංක 01/2012 සැපයුම් උසස් පුහුණු පාඨමාලාව පසුගියදා (නොවැම්බර් මස 5)ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී සාර්ථකව නිමාවට පත්විය.මෙම අවස්ථාව සඳහා එහි අණදෙන නිළධාරී,ගෲප් කැප්ටන් පී රණසිංහ මහතාගේ අදීක්ශනය යටතේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් විංග් කමාන්ඩර් කේ එස් එන් පෙරේරා ප්‍රධාන සහභාගී විය.

මෙම සැපයුම් උසස් පුහුණු පාඨමාලව 2012 මැයි මස 21 වන දින ආරම්භ වූ අතර 2012 නොවැම්බර් මස 5 වන දින අවසන් විය. මාස 06 කට ආසන්න කාලසීමාවක් පුරා සාර්ථක පාඨමාලා කාලයකින් අනතුරුව සිද්ධාන්ත සහ ප්‍රායෝගික දැනුමින් පරිපූර්ණ වූ ගුවන් භටයින් 24 දෙනෙකු මෙලෙස සාර්ථකව පාඨමාලාව නිම කර විසිර යන ලදී.

28986 කෝප්‍රල් විමලරත්න මෙම පාඨමාලාවේ අතිෂයින් දක්ෂතම ගුවන් භටයා ලෙසින් සහතික පත් සහ පළිහ ලබා ගන්නා ලදී.





 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි